මහ බැංකුව සතු විදෙස් සංචිතවල දැවැන්ත වර්ධනයක්
ශ්‍රී ලංකා මහ බැංකුව සතු විදෙස් සංචිත වත්කම් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව මහ බැංකුව සදහන් කළේ පසුගිය වසරේ දෙසැම්බර් වන විට එය ඩොලර් මිලියන 6,825 දක්වා ඉහළ ගොස් තිබෙන බවයි.
තවද පසුගිය නොවැම්බරයට සාපේක්ෂව මෙය 13.1%ක ඉහළ යාමක් ලෙසයි පෙනී යයි .
විදේශ විනිමය සංචිතයත් මෙයට සාපේක්ෂව ඉහළ ගොස් තිබේ.
මහබැංකු දත්තයන් පෙන්වා දෙන්නේ එය ඩොලර් මිලියන 5,944 සිට ඩොලර් මිලියන 6,734ක් දක්වා 13.3%කින් ඉහළ යාමක් ලෙසයි.