ප්‍රධාන විත්තිකරුවන් නොමැතිව බැඳුම්කර වංචා නඩුව ඇසීමට අවසර

cenral bank bond case arjun alosiyas arjun mahendran ajaan gardhiya
By Sewvandhi Jul 20, 2021 10:13 AM GMT
Sewvandhi

Sewvandhi

Report

බැඳුම්කර වංචාවේ එක් නඩු විභාගයක් විත්තිකරුවන් දෙදෙනෙක් රහිතව පවත්වා ගෙනයෑමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (20) අවසර ලබාදී තිබේ.

2016 වසරේ මාර්තු 29 වනදා ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන 36ක බැඳුම්කර සම්බන්ධයෙන් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් ගොනුකර ඇති නඩුවේ විත්තිකරුවකු වශයෙන් නම්කර සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන අජාන් ගාර්දිය පුංචිහේවා යන අය නොමැතිව නඩු විභාගය පවත්වා ගෙනයාමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඒ අනුව අවසර දුනි.

මෙම නඩුව දමිත් තොටවත්ත, මංජුල තිලකරත්න සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී නීතිපතිවරයා විසින් මෙහෙයවූ සාක්ෂි පරික්ෂා කිරීමෙන් අනතුරුව අර්ජුන් මහේන්ද්‍රන් සහ අජාන් ගාර්දිය පුංචිහේවා යන විත්තිකරුවන් දෙදෙනා නොමැතිව නඩු විභාග පවත්වා ගෙන යාමට අධිකරණය අවසර ලබාදී තිබේ.

වැඩිදුර විභාගය අගෝස්තු මස 26 වන දා තෙක් කල් තැබුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha