සිමෙන්ති බලාපොරොත්තුවෙන් ඉන්න අයට සුබම සුබ ආරංචියක්..

Sri Lanka Business Cement Import to Sri Lanka
By Aruna Jan 20, 2022 02:18 AM GMT
Aruna

Aruna

Report

සිමෙන්ති හිඟය ලබන 25 වැනිදායින් පසු බොහෝදුරට පහව යනු ඇති බව සිමෙන්ති ආනයන සහ දේශීය නිෂ්පාදකයින් පවසනවා. ඔවුන් සඳහන් කළේ ඊයේ (19) සිමෙන්ති කොට්ට ලක්ෂ 06 ක් රැගත් නෞකා දෙකක් දිවයිනට පැමිණි බවයි.

ඉන්දුනීසියාවේ සිට එක් නෞකාවක් පැමිණ ඇති අතර, එහි සිමෙන්ති කොට්ට ලක්ෂ දෙකක් පවතිනවා.

එමෙන්ම, පාකිස්තානයේ සිට සිමෙන්ති කොට්ට ලක්ෂ 04 ක් රැගත් තවත් නෞකාවක් පැමිණ තිබෙනවා.

මේ වනවිට එම සිමෙන්ති නිදහස් කරගෙන ඇති බවත්, ඒවා කඩිනමින් වෙළඳපොල වෙත නිකුත් කරන බව ද සිමෙන්ති ආනයන සහ දේශීය නිෂ්පාදකයින් සඳහන් කළා.

මේ වනවිට වෙළඳපොලේ සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1375 ක් ලෙස සටහන් වූව ද, ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිකරුවන් සිමෙන්ති අලෙවි කරන්නේ රුපියල් 1500කට ආසන්න මුදලකටයි.

ඇතැම් අලෙවිකරුවන් වැලි හෝ ගල් මිල දී ගැනීමේදී පමණක් සිමෙන්ති අලෙවි කරනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now