රටම කලුවරට යනවද? අවසන් තීරණේ දෙන දවස විදුලිබල මණ්ඩලය කියයි
මේ වනවිට ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම වෘත්තිය සමිති විසින් ආරම්භ කර ඇති අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව එළැඹෙන බදාදා දක්වා සිදුකිරීමට වෘත්තිය සමිතින් තීරණය කර තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලයේ නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රභාත් ප්‍රියන්ත මහතා අද (22) දින පැවති මාධ්‍ය හමුවකදී මෙම තීරණය ප්‍රකාශ කර තිබේ.
සිය ඉල්ලීම්වලට බලධාරීන් විසඳුම් ලබා නොදුනහොත් ලබන 24 වන දින ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග සම්න්ධයෙන් තීරණයකට එළැඹෙන බව ඔවුන් පවසයි.
"24 වනදා දහවල් නැවතත් වෘත්තීය සමිති 25 රැස්වෙලා මේ දින දෙකෙහි යහපත් සාකච්ඡාවක් නැත්නම් අපි අනිවාර්යෙන්ම අන්තිම අදියරය වන වැඩවර්ජන තීන්දුවක් අපි අනිවාර්යෙන්ම බදාදාට ගැනීමට නියමිතයි. ඒක දිනක වැඩවර්ජනයක්ද, සංඛේත වැඩවර්ජනයක්ද, අඛණ්ඩ වැඩවර්ජනයක්ද කියන එක අපි පැහැදිලිව බදාදා දින ප්‍රකාශය කරනවා." යයි ඔවුන් පවසයි.