CARAT -21 මෙහෙයුම සාර්ථකව නිමාවිය (PHOTOS)

trinco America navy carat-21 JMSDF
By Sewvandhi Jul 01, 2021 10:38 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ත්‍රිකුණාමලය වරායේදී සහ ත්‍රිකුණාමලයට ඔබ්බෙන්වූ නැගෙනහිර මුහුදු තීරයේදී ජුනි මස 24 වන දින සිට ජුනි 30 වන දින දක්වා පවත්වනු ලැබූ සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ බහුපාර්ශ්වීය නාවික අභ්‍යාසය (Cooperation Afloat Readiness and Training Exercise – CARAT–21) සාර්ථකව නිමාවට පත්වුණා.

මේ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාව සහ ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකාය එක්ව සිටියා.

මෙම බහුපාර්ශවීය නාවික අභ්‍යාසයේ සමාප්ති අවස්ථාව නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් වයිඑන් ජයරත්නගේ ප්‍රධානත්වයෙන් 2021 ජුනි 30 වන දින ත්‍රිකුණාමලය නාවික තඨාකාංගනයේ දී මාර්ගගත ක්‍රමවේදයට අනුව (Virtual) සිදු කළා.

මෙම නාවික අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකා දෙකක්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා සහ නිරීක්‍ෂණ ගුවන්යානාවක්, ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ නෞකාවක් සහ එම නෞකාවට අයත් හෙලිකොප්ටර් යානාවක්, ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ සමුද්‍රීය ආවේක්‍ෂණ ගුවන් යානාවක් මෙන්ම ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායේ (JMSDF) නොකාවක් සහ එම නෞකාවට අයත් හෙලිකොප්ටර් යානාවක්ද සහභාගී වුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now



GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha