දස දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ වෙඩි ප්‍රහාරය (විදෙස්)

By Sithumi Jan 22, 2023 03:48 PM GMT
Sithumi

Sithumi

Report

 අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලිස් නුවරට ආසන්න මොන්ටෙරේ පාක් ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි තැබීමෙන් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇති බවත් තවත් 10 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර ඔවුන් රෝහල් ගත කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

   වෙඩි තැබීම සිදුවූ මොන්ටෙරේ පාක් ප්‍රදේශය ආසියානු සම්භවයක් සහිත ජන කොටස් වැඩි වශයෙන් ජීවත්වන ප්‍රදේශයක් ලෙස සැලකෙන අතර එහි චීන නව අවුරුදු උදාව වෙනුවෙන් උත්සවයක් ද පැවැති බවයි විදෙස් මාධ්‍ය පැවසුවා.  

වෙඩි තැබීමට පෙර පැවැති එම උත්සවයට දහස් ගණනක පිරිසක් සහභාගී වූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළ අතර වෙඩි තැබීමෙන් අනතුරුව එහි පැවැත්වීමට නියමිතව තිබූ තවත් උත්සවයක් අත්හිටුවා තිබෙනවා.  

වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගත්තේ ද යන්න සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය මෙතෙක් අනාවරණ කර නොමැති අතර සිද්ධිය ඇසිනු දුටුවන් පවසන්නේ පිරිමි පුද්ගලයෙකු විසින් වෙඩි තැබීම සිදුකළ බවයි.