රාජ්‍ය ණය කළමනාකරණ නියෝග පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය
රාජ්‍ය ණය කළමනාකරණ නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
ඒ අනුව 2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනතේ 16 වන වගන්තියේ විධිවිධාන අනුව රජයේ ණය සුරැකුම්පත් නිකුත් කිරීමේ බලය රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය වෙත පවරනු ඇත.
එසේම එම පනතේ 31 වන වගන්තිය අනුව ප්‍රාථමික අලෙවිකරුවන් පත් කිරීමේ සහ ඔවුන්ට අදාළ කරුණු පිළිබඳව නියෝග නිකුත් කිරීම පිළිබඳව වන බලතල මුදල් විෂයය භාර අමාත්‍යවරයා වෙත පවරනු ලැබේ.
කිසිම රණවිරුවෙක්ට ගෙවන විශ්‍රාම වැටුපක් දීමනාවක් අත්හිටුවන්නේ නෑ විශ්‍රාම යන්න ඉන්න අයටත් වැඩපිළිවෙළක් - අරුණ
මේ අනුව රජයේ සුරැකුම්පත් නිකුත් කිරීමේදී ප්‍රාථමික අලෙවිකරුවන් සහ අලෙවිකරුවන් නොවන ලංසුකරුවන් සමඟ සෘජුව ගනුදෙනු කිරීම, ප්‍රාථමික අලෙවිකරුවන්ගේ කාර්ය සාධනය ඇගයීම සඳහා රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය බලගැන්වීම සහ රජයේ සුරැකුම්පත් නිකුත් කිරීම සම්බන්ධයෙන් ප්‍රාථමික අලෙවිකරුවන් සඳහා මගපෙන්වීම්, මෙහෙයුම් මාර්ගෝපදේශ සහ උපදෙස් නිකුත් කිරීමට හැකි වනු පිණිස රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය වෙත බලය පැවරීම අරමුණු කර ගෙන සාදනු ලැබ ඇති 2025 අංක 02 දරන රාජ්‍ය ණය කළමනාකරණ නියෝග, අංක 2459/52 දරන 2025-10-24 දිනැති අති විශේෂ ගැසට් නිවේදනයෙන් ප්‍රකාශයට පත් කරනු ලබයි.
එම නියෝග අනුමැතිය වෙනුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය මඟින් අනුමත කර තිබෙනවා.