ලොරියෙ කැබ් රථයක් ගැටීමෙන් සිදු වූ මාරක රිය අනතුර

accident vallavaya thanamalvila kuda oya gagasiripura
By Sewvandhi Jul 20, 2021 11:23 AM GMT
Report

අද (20) අලුයම 3.50ට පමණ කුඩාඔය පොලිස් වසමේ වැල්ලවාය - තණමල්විල මාර්ගයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව 7දෙනෙකු තුවාල ලබා තිබේ.

තණමල්විල දෙස සිට වැල්ලවාය දෙසට ධාවනය වු කැබ් රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයේ අනෙක්පස වැලි තීරුවේ නවතා තිබු ලොරි රථයක මුහුණ ට මුහුණ ගැටී අනතුර සිදුව ඇත.

අනතුරින් තුවාල ලැබු කැබ් රථයේ රියදුරු හා එහි ගමන් ගත් පුද්ගලයින් 7දෙනෙක් තුවාල ලබා වැල්ලවාය රෝහලට ඇතුළත් කර තිබේ.

පසුව එහි ගමන් ගත් 69 හැවිරිදි ගඟසිරිපුර, හඳපානාගල ප්‍රදේශයේ පදිංචි අයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

කැබ් රථයේ රියදුරු වැඩිදුර ප්‍රතිකාර සඳහා මොනරාගල රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය පවසයි. අනතුර සම්බන්ධයෙන් කුඩාඔය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

You may like this Video ?

දැරියට දිගින් දිගටම අතවර කරලා 



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now