සුරේෂ් සලේගේ වයෝවෘද්ධ මවගෙන් ජනාධිපති අනුරට සංවේදී ලිපියක් - "පුතාගේ රැඳවුම තවදුරටත් දීර්ඝ කරන්න එපා"

Report

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාගේ රැඳවුම තවදුරටත් දීර්ඝ නොකරන ලෙස ඉල්ලා ඔහුගේ මව විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමුකර ඇත ඊයේ (24) වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යොමුකර ඇත

ඇය එම ලිපියේ සදහන් කළේ තම පුතු වසර 37ක් ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කරමින් රට වෙනුවෙන් සිය තරුණ කාලය සහ පවුල සමඟ ගත කළ හැකි වටිනා වසර කැප කළ බවයි

වයෝවෘද්ධ මවක් ලෙස තම පුතු රැඳවුම් නියෝගයක් යටතේ සිටීම දැකීම දැඩි වේදනාවක් බවද ඇය එම ලිපියෙන් පෙන්වා දී ඇත කෙසේ වෙතත්, කිසිදු පරීක්ෂණයක් නතර කරන ලෙස තමන් ඉල්ලා නොසිටින බවත්, චෝදනා තිබේ නම් ඒවා පරීක්ෂා කර සාක්ෂි ඇත්නම් ඒවා විමර්ශනය කර සත්‍යය සොයාගන්නා ලෙසත් ඇය ඉල්ලා සිටිනු ලබයි.

මරණ දඬුවම නියම වී සිටින පූජිත් ජයසුන්දර බන්ධනාගාරය තුළ කරන දේ මෙන්න - සැබෑම වෙනසක් මාධ්‍ය වාර්තාවට

මරණ දඬුවම නියම වී සිටින පූජිත් ජයසුන්දර බන්ධනාගාරය තුළ කරන දේ මෙන්න - සැබෑම වෙනසක් මාධ්‍ය වාර්තාවට

එහෙත් පරීක්ෂණ සිදුවන අතරතුර තම පුතුගේ රැඳවුම තවදුරටත් දීර්ඝ නොකරන ලෙස මවක් ලෙස කරුණාවෙන් ඉල්ලා සිටින බවද ඇය සඳහන් කර තිබේ.

  විමර්ශන සාක්ෂි මත සිදු විය යුතු අතර, රැඳවුම සාක්ෂිවලට ආදේශයක් නොවිය යුතු බවද ඇය සිය ලිපියේ අවධාරණය කර ඇත.

  තවද තමන්ට ජනාධිපතිවරයා හමුවීමට අවස්ථාවක් ලබාදෙන ලෙසද ඉල්ලා ඇත


එම ලිපිය පහතින්

file_20260824_033724_395 by kanchana