පොලිසියෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් - මෙන්න විස්තරේ

Report

මහ­නු­වර ඇසළ පෙර­හර මංග­ල්‍යයේ දෙවැනි රන්දෝලි පෙර­හර අද (24) වීථි සංචාරය කිරීමට නියමිතයි. ශ්‍රී දළදා මාලි­ගාව අබි­ය­සින් රාත්‍රී 7.00ට නැඟෙ­න­හිර දිශා­භි­මු­ඛව පෙර­හර පිටත්ව දළදා වීදිය, ඩී.එස්. සේනා­නා­යක වීදිය, කොළඹ වීදිය, යටි­නු­වර වීදිය, රජ වීදිය, ඊ.එල්. සේනා­නා­යක වීදිය, හරස් වීදිය, ඩී.එස්. සේනා­නා­යක වීදිය ඔස්සේ ගමන්ගෙන රජ වීදි­යෙන් ඉහ­ළට විත් ගෙව­දී­මට නිය­මි­තව තිබේ.

පොලිසිය සඳහන් කරන්නේ ඒ වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බවයි. අගෝස්තු 18 වන දින ආරම්භ වූ ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය අගෝස්තු 28 වන දින දක්වා පැවැත්වේ.

පෙරපාසල් දරුවගේ ඇඳුම ගලවලා ගහලා - බයට හෘදයාබාධයෙන් දරුවා මියගිහින් - CCTV නිසා ගුරිවරිය අතටම මාට්ටු

පෙරපාසල් දරුවගේ ඇඳුම ගලවලා ගහලා - බයට හෘදයාබාධයෙන් දරුවා මියගිහින් - CCTV නිසා ගුරිවරිය අතටම මාට්ටු

පෙරහර පැවැත්වෙන කාලසීමාව තුළ මහජන ආරක්ෂාව තහවුරු කිරීම සහ රථවාහන තදබදය පාලනය කිරීම සඳහා මාර්ග බාධක යෙදවීම, ආරක්ෂක රාජකාරි, රථවාහන හා පුද්ගල පරීක්ෂාව, සංචාරකයින්ට මගපෙන්වීම මෙන්ම රථවාහන ගාල් කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් දියත් කර ඇති බවයි.

සෙංකඩගල ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහර ඊයේ (23) රාත්‍රී වීදි සංචාරය කළ අතර, එහිදී සධාතුක පෙරහර කරඬුව වැඩම කරවන ලද්දේ රුහුණු කතරගම මහා දේවාලයට අයත් ‘වාසනා’ ඇතා විසින්ය. ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියට අයත් ‘සිංහ රාජා’ සහ ‘පුලතිසි රාජා’ යන ඇතුන් දෑලේ ගමන් ගෙන ඇත.  

වයස අවුරුදු 30ට වැඩි මේ ක්ෂේත්‍රයේ පළපුරුද්ද තියෙන සේවකයන්ට රජයෙන් නිවාස - අයදුම්පත් දැන්ම මෙතැනින්

වයස අවුරුදු 30ට වැඩි මේ ක්ෂේත්‍රයේ පළපුරුද්ද තියෙන සේවකයන්ට රජයෙන් නිවාස - අයදුම්පත් දැන්ම මෙතැනින්

පොලිසියෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් - මෙන්න විස්තරේ | Kandy Esala Perahera Second Randoli Today

පොලිසියෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් - මෙන්න විස්තරේ | Kandy Esala Perahera Second Randoli Today