දැවැන්ත න්‍යෂ්ටික ව්‍යසනයකට පාර කපයි - ලොවම සලිත කරමින් ඉරානයේ බුෂෙහර් න්‍යෂ්ටික බලාගාරයට තෙවන වරටත් ප්‍රහාරයක්
ඉරානයේ බුෂෙහර් න්‍යෂ්ටික බලාගාරයට තෙවන වරටත් ප්‍රහාරයක් එල්ල වී ඇති බව ඉරාන පරමාණුක බලශක්ති සංවිධානය වාර්තා කරයි.
ඒ අනුව එම සංවිධානය සඳහන් කරන්නේ මේ මොහොත වන විට මධ්‍යස්ථානයට කිසිදු හානියක් හෝ පුද්ගල හානියක් වාර්තා වී නොමැති බවයි.
එමෙන්ම බලාගාරයේ තත්ත්වය ද සාමාන්‍ය ආකාරයට පවතින බව වාර්තා කර ඇත.
කෙසේ වෙතත් බුෂෙහර් න්‍යෂ්ටික බලාගාරය විශාල න්‍යෂ්ටික ද්‍රව්‍ය ප්‍රමාණයක් සහිතව ක්‍රියාකාරී මට්ටමේ පවතියි.
එබැවින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම මධ්‍යස්ථානයට සිදුවන හානියක් න්‍යෂ්ටික ව්‍යසනයකට මඟ පෑදිය හැකි බවයි.
ඉරානයේ කර්මන්ෂා පළාතට එල්ල වූ බිහිසුණු ප්‍රහාරවලින් 13ක් ජීවිතක්ෂයට - ළමුන් සහ ගර්භණී කාන්තාවකුත් මිය ගිය අය අතර