පෞද්ගලික බස්රථ ධාවනයේ විශාල ගැටලුවක්

By Sewvandhi Oct 02, 2021 04:45 AM GMT
Sewvandhi

Sewvandhi

Report

සේවක හිඟය හේතුවෙන් පෞද්ගලික බස්රථ ධාවනය ගැටලුවක් වී ඇති බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, ඊයේ (01) දිනයේ සිට පෞද්ගලික බස්රථ ධාවනය සඳහා අවසර ලබාදී තිබුණද ප්‍රමාණවත් තරම් බස්රථ ධාවනයක් සිදුව නොමැති බවය. බස්රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් වෙනත් රැකියාවන් සඳහා යොමුවීම එම තත්ත්වයට හේතුවී ඇති බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේය.

"දැන් කොළඹ බස්නාහිර අපි හොයලා බැලුවහම ධාවනය වෙන්න ඕනේ බස්රථ 6000ක්. නමුත් බස්රථ 900යි ධාවනය වුණේ. ඒකට හේතුව බස්රථ සේවකයින් බහුතරයක් රියදුරු, කොන්දොස්තර සේවය අතහැරලා වෙනත් රැකියාවලට මේ අය ගිහිල්ලා තියෙනවා. මේ අයට නැවත විශ්වාසයක් නෑ මේ රස්සාවට ආවත් සතියකින් දෙකකින් රට ආපහු වැහුවොත් ඒ අයට තිබුණ එකයි අත ගහපු එකයි දෙකම නැතිවෙයි ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. කෙසේවෙතත් සෞඛ්‍ය නීති උල්ලංඝනය කරන්න අවසරයක් දෙන්න විදියක් නෑ.

පොලිස්පතිතුමාටත් දැනුම්දීලා තියෙනවා තදබල ලෙස සඳුදා දිනයේ සිට හිටගෙන මගීන් ප්‍රවාහනය කළොත් බස්රථ අත්අඩංගුවට ගන්න, බලපත්‍ර තහනම් කරන්න ඒ වගේම නැවත දැනුම්දෙන තුරු එම බස්රථ පොලිස් භාරයේ තියා ගන්නත් උපදෙස් මේ වන විට අපි පොලිස්පතිට ලිඛිතව යොමුකරන්න සුදානම් කරලා තියෙන්නේ. මේ වෙනකොට මාර්ග බලපත්‍ර 160කට වැඩි ප්‍රමාණයක් අත්හිටුවා තියෙනවා. තවමත් සක්‍රීය කරලා නෑ."  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha