බස් මගීන් සම්බන්ධයෙන් දැඩි නීති..සියලු පොලිස් ස්ථාන වලට දැනුම් දීමක්.

Police Sri Lanka Dilum amunugama Bus service
By Aruna Oct 04, 2021 02:24 AM GMT
Aruna

Aruna

Report

ආසන ගණන ඉක්මවා මගීන් ප්‍රවාහනය කරන බස් රථ අද සිට පොලිස් භාරයට ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.

ඒ පිළිබඳව සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

පෞද්ගලික බස්රථ බොහොමයක් අබලන් වීම හේතුවෙන් මේ වන විට දිවයින පුරා ධාවනය කෙරෙන්නේ සීයයට 25 ක් සියයට 30 ත් අතර බස්රථ ප්‍රමාණයක් බවයි ලංකා පෞද්ගලක බස්රථ හිමියන්ගේ සංගමය පැවසුවේ.

ආසන ගණනට මගීන් ප්‍රවාහනය කිරීමට පෙර, බස්රථ ධාවනය කිරීමට සුදුසු තත්ත්වයේ පවතීද යන්න සොයා බැලිය යුතු බවයි එම සංගමයේ සභාපතිගැමුණු විජේරත්න සඳහන් කළේ.

ලංගම බස්රථ 6,000 ක් පමණ මගී ප්‍රවාහන කටයුතු සඳහා සූදානම් කර තිබෙනවා.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වූ පෞද්ගලික බස්රථ හිමියන් සඳහා සහන ලබාදීමට අපේක්ෂා කරන බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම වැඩිදුරටත් සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha