ගුරුවරුන් Online ඉගැන්වීම් වලින් ඉවත්වෙයි

online teaching boycotts johsop staly kothlavala
By Sewvandhi Jul 12, 2021 02:49 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අද සිට සියලුම ඔන්ලයින් ඉගැන්වීමේ කටයුතුවලින් ගුරුවරුන් ඉවත්වන බව ගුරු වෘත්තීය සංගම් පවසනවා. ඒ අනුව ඔන්ලයින් විශේෂ මධ්‍යස්ථානවලින් මෙන්ම උසස් පෙළ විභාගයට අයදුම් කිරීමට අදාළ කටයුතුවලින්ද අද දින සිට ඉවත් වී වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතවීමටයි ගුරු සංගම් තීරණය කර ඇත්තේ.

කොතලාවල පනත් කෙටුම්පතට එරෙහිව විරෝධතා දැක්වීමේදී නිරෝධායන නීති කඩකළ බවට ජෝෂප් ස්ටාලින් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන නිරෝධායනයට යොමු කිරීමට එරෙහිව මොවුන් මෙලෙස වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට මීට පෙර තීරණය කළා.

ඒ අනුව අද සිට ඔන්ලයින් ඉගැන්වීම් කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර ඇති අතර, ඒ සඳහා ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය ඇතුලු සංවිධාන 14ක් එක්ව සිටිනවා.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට එරෙහිව විරෝධතා දැක්වීම හේතුවෙන් අත්අඩංගුවට පත්වූ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් ඇතුලු පිරිස තවදුරටත් නිරෝධායන මධ්‍යස්ථානයේ පසුවනවා.

ගුරු සංගම් ඇතුලු තවත් වෘත්තිය සමිති කිහිපයක්ම චෝදනා කළේ සෞඛ්‍ය මාර්ගෝපදේශ භාවිත කරමින් විරෝධතාකරුවන් මෙලෙස මර්දනය කිරීමට රජය කටයුතු කරන බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha