පාර්ලිමේන්තු සංකීර්ණයක් ආසන්නයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් - හමුදා වාහනේක සූක්ෂමව ඇවිත්..

By krishani Oct 01, 2023 02:02 PM GMT
Report

තුර්කියේ අන්කාරා අගනුවර පිහිටි පාර්ලිමේන්තු සංකීර්ණය ආසන්නයේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කර ඇත්තේ හමුදා වාහනයකින් පැමිණි දෙදෙනෙකුගෙන් එක් අයෙකු විසින් ය.

කෙසේ වෙතත්, සිදු වූ අනතුරින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේ ය.