රටේ දැඩි කතාබහට ලක්වන කළු දිලීර රෝගය ගැන නවතම අනාවරණයක්.(VIDEO).

Sri Lanka Indian Ampara Black viruses
By Aruna May 24, 2021 07:43 AM GMT
Report

 ඉන්දියාවේ කොවිඩ් -19 ආසාදිත සමහර රෝගීන්ට වැලඳී ඇති කළු දිලීර රෝගය ගැන මේ දිනවල අප සමාජයේ කථාබහක් ඇතිවී තිබේ.

ඒ ගැන සමාජයේ යම් බියක් ද ඇතිවූයේ එම දිලීරය ආසාදිත රෝගියෙක් අම්පාර ප්‍රදේශයෙන් හමුවී ඇති බව වාර්තාවීමත් සමගය.

නමුත් ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණායතනය පවසන්නේ වෙනත් දෙයකි.

එහි දත්ත අනුව මෙරටින් 2019 සිට කළු දිලීරය ආසාදිත පුද්ගලයින් හමුවී තිබේ.

වෛද්‍ය පර්යේෂණායතනයේ දිලීර දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානී, දිලීරවේදී විශේෂඥ වෛද්‍ය ප්‍රිමාලි ජයසේකර මහත්මිය ඒ පිළිබඳව කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ බව පැවසුවාය...

"ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයින්ට වැළඳුණු මේ කළු දිලීරය ගැන අපේ සමාජයේ කථා වෙනවා.

මියුකොමයිකොසිස් කියලා අපි මේකට කියනවා.

ඒ දිලීරය ලංකාවට අලුත් දෙයක් නොවෙයි. අපිට 2019 වසරේදී කළු දිලීර රෝගීන් 42ක් වාර්තා වෙලා තියෙනවා.

2020දී 24 දෙනෙකුත් 2021 මේ දක්වා කළු දිලීර රෝගීන් 24 දෙනෙකුත් වාර්තා වෙලා තිබෙනවා.

නමුත් මේ කිසිම රෝගියෙකුට කොවිඩ් -19 ආසාදනය වෙලා නැහැ.

මෙතෙක් මෙරටින් කොවිඩ් -19 රෝගීන්ට මියුකොමයිකොසිස් ආසාදනය වෙලා ඇති බවක් අපිට වාර්තා වෙලා නැහැ.

ඒ දිලීරය ශ්‍රී ලංකාවට අලුත් දෙයක් නොවෙයි.

එය වර්ධනය අවශ්‍ය සියලු පරිසර සාධක අපේ රටේ තිබෙනවා. එම දිලීරය අපේ පස් වල තිබෙනවා.

එම දිලීර රෝගය හැදෙන්නේ ප්‍රතිශක්තිකරණය අඩු රෝගීන්ට."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now