covid වැළඳුන රෝගීන්ට හැදෙන භයානක රෝගයක් covid නොමැති රෝගීන්ටත් හැදිල..දිස්ත්‍රික්ක 3 කින් ආසාදිතයින් හමුවෙයි..!

covid19 hemantha herath kurunagala national hospital black fungus
By Sewvandhi Sep 16, 2021 12:42 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ඉන්දියාවේ පැතිර ගිය කළු දිලීර රෝගය වැළඳුණු රෝගීන් මෙරට දිස්ත්‍රික්ක තුනක රෝහල් ගණනාවකින් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. එම දිස්ත්‍රික්ක වන්නේ, කොළඹ, රත්නපුර සහ කුරුණෑගල යන ඒවාය

. ඒ අනුව, කොළඹ ජාතික රෝහල, කුරුණෑගල, රත්නපුර ඇතුළු දිවයිනේ රෝහල් ගණනාවකින් ම කළු දිලීර රෝගය ආසාදනය වූවන් වාර්තා වෙමින් ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය. ඔහු පැවසුවේ, කොරෝනා රෝගීන් සුළු පිරිසකට ද කළු දිලීර රෝගය වැළඳී ඇති බවය.

මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න සහ සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා දුන් පිළිතුරු පහත දැක්වේ.

ප්‍රශ්නය: කොළඹ ජාතික රෝහලේ කළු දිලීර රෝගය වැළඳුණු පුද්ගලයින් නේවාසිකව ප්‍රතිකාර ලබනවා ද?

පිළිතුර: ඔව්. ඒ කාල සීමාව තුළ කළු දිලීර රෝගය තිබුණු තත්ත්වය අනුව රෝගීන් හමුවුණත් කොවිඩ් රෝගීන් අතර මේ රෝගය තිබුණේ නෑ. නමුත් මේ වන විට රෝගීන් සුළු පිරිසකට මේ ආකාරයට ක්ළු දිලීර රෝගය හැදිලා තියෙනවා.

ප්‍රශ්නය: කළු දිලීර රෝගය වැළැඳීමට හේතු මොනවා ද?

පිළිතුර: මේකට ප්‍රධාන හේතුව තමයි රෝගීන් සංඛ්‍යාව වැඩි වන විට විශේෂයෙන් ම දැඩි සත්කාර ඒකකවල සහ අනෙකුත් තැන්වල රෝගීන්ගේ පැතිරීම වැඩි වන විට මොක ද මේ කළු පුස් රෝගය කියන්නේ පරිසරයේ තියෙන දෙයක්. එතකොට පරිසරයෙන් මේ රෝගය පුද්ගලයෙකුට වැළඳෙන්න පුළුවන්.

වැළඳෙන්නේ ඒ පුද්ගලයාගේ ප්‍රතිශක්තිය අවම මට්ටමක තියෙන කොට. ප්‍රධාන වශයෙන් දියවැඩියාව පාලනය නොකළ පුද්ගලයෝ, ඒ වාගේ ම වකුගඩු වැනි රෝගවලට ප්‍රතිකාර කරන පුද්ගලයෝ මෙවැනි පුද්ගලයින්ට තමා මෙම රෝගය වැඩියෙන් ම ඇති වෙන්න පුළුවන්. ඉතින් එවැනි අය සංඛ්‍යාව වැඩි වෙන කොට පරිසරයේ වැඩි වැඩියෙන් ඉන්න කොට පරිසරයේ තියෙන විෂබීජ මේ ආකාරයට ශරීරගත වෙන්න එන්න එන්න ඉඩකඩ වැඩි වෙනවා.

ඒ නිසා තමයි අපිට දැන් මේ තත්ත්වය උද්ගත වෙලා තියෙන්නේ. ප්‍රතිශක්තිය අඩු අයට තමා වැඩි වැඩියෙන් රෝගය කොවිඩ් රෝගය ඇති වෙන්න පුළුවන් වෙන්නෙත්. ඒ වාගේ ම සංකූලතා ඇති වෙන්නෙත්. එවැනි පුද්ගලයින්ට කළු පුස් රෝගය නැත්තම් කළු දිලීර රෝගය ඇති වෙන්න තියෙන ඉඩකඩත් කොහොමත් වැඩි වෙනවා.

ප්‍රශ්නය: දිලීර රෝගය පැතිරෙන්නේ කොහොම ද?

පිළිතුර: මේක රෝගියෙක්ගෙන් රෝගියෙකුට බෝවෙන්න තියෙන ඉඩකඩ ඉතා අඩුයි. ඒ වාගේ ම පුද්ගලයෙක්ගෙන් පුද්ගලයෙක්ට මේක බෝවෙන්නේ නෑ. ප්‍රතිශක්තිය හීන වු පුද්ගලයෙකුට පරිසරයෙන් තමා මේක හැදෙන්නේ. මම කියන්නේ නෑ මේක බය වෙන්න ඕනේ නැති දෙයක් කියලා. අපි ආරක්ෂා වීම වැදගත් වෙනවා. නමුත් ඒක වසංගතයක් ලෙස පැතිරීම සිදුවීමක් අපි බලාපොරොත්තු වෙන්නේ නෑ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha