කන්ටේනර් 323 යෝජනාව අන්තිමේදී පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට යයි
කොළඹ වරායේ සිට බහාලුම් 323 ක් අනිවාර්ය පරීක්ෂාවට ලක් නොකර නිදහස් කිරීම පිළිබඳව සොයා බැලීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කිරීමේ යෝජනාව ඊයේ(17) දින පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කොට ඇත.
ඒ අනුව කථානායක ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස්වූ විට මෙම යෝජනාවට එකඟත්වය පළ වී ඇත.
ඉන් පසු එය පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමට තීරණය කර ඇති බව සඳහන්.
එමඟින් යෝජනා කර ඇත්තේ කොළඹ වරායේ සිට බහලුම් 323ක් අනිවාර්ය භෞතික පරීක්ෂණයකට භාජනය කිරීමකින් තොරව නිදහස් කිරීම ගැන සොයා බලා වාර්තා කිරීමටත් ඒ සම්බන්ධයෙන් සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කළ යුතු බවටයි.
ඒ අනුව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයේ මෙම යෝජනාව දින පහක් තිබිය යුතු අතර ඉන් පසුව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අනුමැතිය මත එය න්‍යාය පත්‍රයට ඇතුළත් කළ යුතු බව සඳහන්.
ඉන්පසුව පාර්ලිමේන්තුවේදී එය සම්මත වීමෙන් අනතුරුව කථානායකවරයාට මෙම විශේෂ කාරක සභාව පත්කිරීමට හැකියාව ලැබෙන බව සඳහන්.
කෙසේ වෙතත් මෙම බහාලුම් 323 පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීම පිළිබඳව සොයා බැලීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන මෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් ලිඛිතව කථානායකවරයාගෙන් ඉල්ලීමක් කිරීමෙන් පසුව මෙසේ එම යෝජනාව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව වෙත යොමු වී ඇත.