දරුණු අනතුරකින් මිය ගිය පියාගෙන් පුතාට ලැබුණු අමතක නොවන උපන්දින තෑග්ග
හදිසි අනතුරකින් මියගිය පියා විසින් මරණයෙන් දිනකට පසුව තම පුතුට උපන්දින ත්‍යාගයක් ලබාදුන් පුවතක් ඉන්දියාවෙන් වාර්තා වී ඇත.
ඒ අනුව තොරතුරු ලැබුණු ආකාරයට නවදිල්ලියේ කැන්ටන්මන්ට් මෙට්‍රෝ දුම්රිය ස්ථානය සිදුවූ රිය අනතුරකින් නව්ජොත් සිං නම් පුද්ගලයෙක් ඊයේ (15) දින මිය ගොස් තිබෙනවා.
එසේම අනතුරට සිදුවී ඊට පසුදින ඔහුගේ පුත්‍රයාගේ උපන්දිනය යෙදී තිබූ බව වාර්තා වේ.
විදෙස් මාධ්‍ය සඳහන් කරන ලෙසට ඔහුගේ පුතු බව කියන නව්නර් සිංගේ 22 වැනි උපන්දිනය ඊයේ (16) යෙදී ඇත.
ඒ අනුව ඔහු වෙනුවෙන් ඇණවුම් කර තිබූ තෑගි කිහිපයක් නන්නූර් වෙත ඊයේ දින උදෑසන ලැබී ඇති බව සඳහන්.
කෙසේ වෙතත් අඳාළ ත්‍යාගය ජිවිතක්ෂයට පත්වීමට පෙර පියා විසින් ඇනවුම් කළ ත්‍යාගයක් බව සඳහන්.
මිය ගිය පුද්ගලයාගේ පුතු ආහාර පිසීමේ කටයුතු වෙනුවෙන් උනන්දුවක් දැක්වීම හේතුවෙන් Air fryer වර්ගයේ උඳුනක් සහ කමිසයක් උපන් දින තෑගි වශයෙන් ඇනවුම් කර තිබෙනවා.
මේ අතර මියගිය පියාගේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිත දිනයේ උදැසන එම ත්‍යාගය ලැබී ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් නන්නූර් සිං ඉතාමත් සංවේදීත්වයට පත්ව තිබෙන බව වාර්තා වේ.