මාලිමාවේ ප්‍රසිද්ධ ඇමතිවරු දෙදෙනෙක්ගේ සම්බන්ධ කරගනිමින් මුදල් ගැරූ භික්ෂූවක් අත්අඩංගුවට
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි හා වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක යන මහත්වරුන්ගේ ඡායාරූප භාවිත කරමින් ව්‍යාජ වට්ස්ඇප් ගිණුම් සකසා කූඨ ලෙස මුදල් එකතු කෙරූ සිදුවීමක් සම්බන්ධයෙන් වාර්තා විය.
ඒ අනුව එයට සම්බන්ධ යැයි භික්ෂූන් වහන්සේ නමක් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන ඒකකය විසින් අද (17) අත්අඩංගුවට ගෙන තිබේ.
21 හැවිරිදි මෙම හිමිනම අත්අඩංගුවට ගෙන ඇත්තේ වැඩවාසය කළ මුරුතලාව ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයට වැඩසිටියදීයි. මෙම වංචනික ක්‍රියාවේ නිරත වී මුදල් එකතු කර ඇත්තේ දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූ පාසල් දරු දැරියන්ට අවශ්‍ය පාසල් උපකරණ මිලදී ගැනීමට බව පවසමින් කූඨ ලෙස සැකසූ ලිපි කිහිපයක් ද සමගිනි.
එම භික්ෂූව සතුව තිබී එම ලිපි විමර්ශන නිලධාරීන් සොයාගෙන තිබේ. එම ලිපි අදාළ අමාත්‍යාංශ දෙකෙහි ලේම්වරුන්ගේ අත්සනින් යුතු ඒවා බවත් වාර්තා වේ.
අදාළ ලිපි පෞද්ගලික ආයතන වෙත යොමුකරමින් සැකකාර භික්ෂුව මුදල් ලබාගැනීමට කටයුතු කර ඇති බව විමර්ශන මගිනි හෙළිව තිබේ.
මේ වන විට සිද්ධිය සම්බන්ධ වැඩිදුර පොලිස් විමර්ශන මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ අධ්‍යක්ෂ ජ්‍යේෂඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතාගේ උපදෙස්මත ක්‍රියාත්මක බව සඳහන් වේ.