යතුරුපැදි දෙකක් ගැටී ගිනි ගනී - තිදරු පියා පිළිස්සී මරුට (VIDEO)

By Sithumi Dec 03, 2021 12:01 PM GMT
Sithumi

Sithumi

Report

යතුරුපැදි 2ක් එකිනෙක ගැටී සිදුවූ අනතුරක් සමග ඇතිවූ ගින්නකින් එක් යතුරුපැදිකරුවෙකු පිළිස්සී මියගිය පුවතක් ආණමඩුව ප්‍රදේශයෙන් වාර්තා විය. ආණමඩුව හලාවත මාර්ගයේ සංගට්ටිකුලම ප්‍රදේශයේදී ඊයේ (02) රාත්‍රියේ එම අනතුර සිදුවී ඇත. 

අනතුරත් සමග බරපතළ තුවාල ලබා ඇති තිදරු පියා යතුරුපැදියට සිරවී ඇති අතර ක්ෂණිකව ඇතිවු ගිනිගැනීමට ඔහු මැදිවී තිබුණි. මෙසේ මරණයට පත්වී ඇත්තේ ආණමඩුව මුදලක්කුලිය පදිංචි රාජකරුණා හේරත් මුදියන්සේලාගේ රංබණ්ඩාර නැමති 60 හැවිරිදි පුද්ගලයෙකි. 

පොලීසිය සඳහන් කළේ ඔහු දියණියන් තිදෙනෙකුගේ පියකු බවය. අනතුරින් තුවාල ලැබූ අනෙක් පුද්ගලයා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කෙරුණු අතර ඔහු සඳුන් සුරංග නැමති 21 හැවිරිදි තරුණයෙකි. 

 පොලීසිය සැක කරන්නේ අනතුරත් සමග ඉන්ධන ටැංකියේ මූඩිය ගැලවී යෑමෙන් ගින්න හටගන්නට ඇති බවය. අනතුර සිදුවූ ස්ථානය අවට සිටි පිරිස් ගින්න නිවා දැමීමට උත්සාහ ගෙන තිබුණත් ගින්නෙත් දැඩි ලෙස පිළිස්සී සිටි පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් තිබේ



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now