'ෆ්‍රීඩම් හබ්' : භාග්‍යා අලුත් වැඩකට අතගසයි !
By Wasantha
දවසින් දවස පිරිහීමට ලක්වෙමින් තිබෙන අපේ රට යළි ගොඩනැගීම සඳහා සමාජය තුළ ආකල්පමය වෙනසක් සිදුකළ යුතු බව සමාජ ක්‍රියාකාරිනියක හා මාධ්‍යවේදිනියක වන භාග්‍යා වීරකෝන් පවසන්නීය.
ඇය එබව කියා සිටියේ, කොළඹ ඩාලි පාරේ 'ෆ්‍රීඩම් හබ්' (Freedom Hub) හි පසුගිය ඉරිදා (ජුලි 25) පැවති 'සැබෑ දේශප්‍රේමියෝ' මාධ්‍ය හමුව අමතමිනි. හිටපු අමාත්‍ය මංගලගේ ප්‍රධානත්වයෙන් පැවති එම මාධ්‍ය හමුවේදී විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන තරුණ තරුණියන් කිහිපදෙනෙකුම අදහස් දැක්විය.
'ගැහැණු පිරිමි බේදයකින් තොරව අපි හැමෝම මිනිස්සු කියලා හිතන්න පුළුවන් ආදරය කරන පිරිසක්, රටක් බිහි කරන්න නම් අපි අකල්පමය වශයෙන් වෙනස් වෙන්න ඕනේ'' යයි භාග්‍යා එහිදී අවදාරණය කර සිටියාය. ඒ සඳහා තරුණ තරුණියන් පෙරමුණ ගතයුතු කාලය එළඹ ඇතැයි ද ඇය සඳහන් කළාය.
