ඔට්ටු හා සූදු බදු ආදායම් ඉහළට

Report

2024 වර්ෂයේදී ඔට්ටු ඇල්ලීම සහ සූදු බද්දෙන් රැස්කරන ලද ආදායම 2023 වර්ෂයට සාපේක්ෂව රුපියල් බිලියන 9.8කින්, එනම් සියයට 32.2කින් වර්ධනය වී ඇති බව මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද අවසාන අයවැය තත්ත්ව වාර්තාවේ සඳහන් වේ. 2023 වර්ෂයේදී මෙම බදු ආදායම රුපියල් බිලියන 7.4ක් වූ අතර, 2024දී එය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත.

ඔට්ටු ඇල්ලිම සහ සූදු බද්දෙන් රැස් කරනු ලැබු ආදායම 2023 වර්ෂයේ දී රුපියල් බිලියන 74ක්ව පැවතුණි. සංචාරකයින්ගේ පැමිණිම යථා තත්ත්වයට පත්විම සහ එවැනි ක්‍රිඩා ව්‍යාපාර ස්ථානයකට ඇතුළු වන ශ්‍රිලාංකිකයින් සදහා ප්‍රවේශ ගාස්තුවක් අයකිරිම මෙම ආදායම වැඩිවිම සදහා ප්‍රධාන වශයෙන් හේතුවිය.

එමෙන්ම සූදු හෝ බුකීකරුවකු වශයෙන් ව්‍යාපාරයක් පවත්වාගෙන යනු ලබන පුද්ගලයින්ගෙන් වාර්ෂික බද්දෙන් උපයනු ලබන බදු ආදායම 2023 වර්ෂයට සාපේක්ෂව 2024 වර්ෂයේ දී රුපියල් බිලියන 43 දක්වා සියයට 16.1කින් වැඩිවි ඇත. මෙම කර්මාන්තයට නව ප්‍ර වේශවීම් මෙම වර්ධනයට හේතුවි ඇති බවද මෙම වාර්තාවේ සදහන් වේ.

හෙට සිට පාසල් අධ්‍යයන කටයුතුවලින් ඉවත් වෙනවා - සමස්ත ලංකා ගුරු සංවර්ධන නිලධාරී සංගමය

හෙට සිට පාසල් අධ්‍යයන කටයුතුවලින් ඉවත් වෙනවා - සමස්ත ලංකා ගුරු සංවර්ධන නිලධාරී සංගමය

රන් මිල සතියකින් රු 77,000කින් අඩු වෙලා.. මෙන්න අද මිල ගණන්

රන් මිල සතියකින් රු 77,000කින් අඩු වෙලා.. මෙන්න අද මිල ගණන්