පලස්තීනුවන්ට නව බලාපොරොත්තුවක් ගෙන ආ ''‘බෙයිජිං ප්රකාශනය''
By Parami Dissanayake
චීනයේ ඇරයුමට අනුව පලස්තීනයේ පාර්ශ්ව 14ක උසස් නියෝජිතයන් පසුගිය 21වනදා සිට 23 දක්වා බෙයිජිංහිදී සංහිඳියා සංවාද පැවැත්වූ බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය නිත්‍ය මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කර තිබෙනවා.
පාර්ශ්ව 14 අතර සංහිඳියාව මෙවර සංවාදයේ වැදගත්ම එකඟතාව බව චීන විදේශ ඇමති වං යී මහතා එහිදී පැවසී ය.
පලස්තීන විමුක්ති සංවිධානය, පලස්තීන ජනතාවගේ එකම නීත්‍යානුකූල නියෝජිතයා ලෙසට පත්වීම, මෙවර සංවාදයේ කේන්ද්‍රීය ප්‍රතිඵලයක් වන බව සඳහන් ය.
එමෙන් ම, මෙවර සංවාදයේ කැපී පෙනෙන ප්‍රතිඵල ලෙස , ගාසා තීරයේ පශ්චාත් සංවර්ධනය හා තාවකාලික ජාතික සංහිඳියා රජය ස්ථාපිත කිරීම පිළිබඳ විවිධ පාර්ශ්ව එකඟතාවට පැමිණීම බව ද ඔහු එහිදී පෙන්වාදී ඇත.