ගල් අඟුරු කොමිසමට ලැබුණු පළමු පැමිණිල්ලේ බැසිල් රාජපක්ෂ ගෑවෙයි

Report

ගල් අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් සිදු වූ බව කියන වංචා සහ අක්‍රමිකතා පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කළ විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව වෙත ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර මහතා විසින් පැමිණිල්ලක් භාරදී තිබේ.

මෙම පැමිණිල්ල 2009 වසරේ ගල් අඟුරු ටෙන්ඩර් ක්‍රියාවලියක සිදු වූ බව කියන වංචාවක් සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇත.

මුදල් ලේකම් හර්ෂණ සූරියප්පෙරුම ජාතික ලැයිස්තුවට එද්දීත් ද්විත්ව පුරවැසියෙක් ද? ශිරාල් ලක්තිලකගෙන් බරපතළ චෝදනාවක්

මුදල් ලේකම් හර්ෂණ සූරියප්පෙරුම ජාතික ලැයිස්තුවට එද්දීත් ද්විත්ව පුරවැසියෙක් ද? ශිරාල් ලක්තිලකගෙන් බරපතළ චෝදනාවක්

මාධ්‍ය වෙත අදහස් දක්වමින් රවීන්ද්‍ර බණ්ඩාර මහතා සඳහන් කළේ, ටෙන්ඩර් ක්‍රියාවලියේදී මුලින් තෝරාගත් සමාගම් තුන අතරින් තෙවන ස්ථානයේ සිටි සමාගමට කොන්ත්‍රාත්තුව ලබාදී ඇති බවයි.

ඔහුගේ අදහස අනුව, එවකට කැබිනට් මණ්ඩලයේ තීරණ සහ අදාළ අමාත්‍යවරයා වූ ජෝන් සෙනවිරත්න මහතා වෙත එල්ල වූ බලපෑම් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවට සැක පළ වේ. එමෙන්ම, මෙට්‍රික් ටොන් 650,000 බැගින් වසර තුනක කාලයක් සඳහා ගල් අඟුරු මිලදී ගැනීමේදී, ඩොලර් 60ක පමණ මිලකට ලබාගත හැකි ගල් අඟුරු මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 70කට ආසන්න මිලකට මිලදීගෙන ඇති බවත්, එමඟින් රජයට විශාල පාඩුවක් සිදුවී ඇති බවත් ඔහු සඳහන් කළේය.

"මට අම්මා කෙනෙක් වෙන්න ඕන වුණා, එලොන් ශුක්‍රාණු දෙන්න ඉදිරිපත් වුණා - සිලිකන් නිම්නය කැළඹූ ෂිවොන්ගේ සාක්ෂිය

"මට අම්මා කෙනෙක් වෙන්න ඕන වුණා, එලොන් ශුක්‍රාණු දෙන්න ඉදිරිපත් වුණා - සිලිකන් නිම්නය කැළඹූ ෂිවොන්ගේ සාක්ෂිය

තවද, මෙම තීන්දු බැසිල් රාජපක්ෂ මහතාගේ නිර්දේශ මත ගෙන ඇති බවටද රවීන්ද්‍ර බණ්ඩාර මහතා චෝදනා කළ අතර, ප්‍රසම්පාදන ක්‍රමවේද බරපතළ ලෙස උල්ලංඝනය කරමින් ක්‍රියාවලිය සිදුකර ඇති බවද ප්‍රකාශ කළේය.

අදාළ පැමිණිල්ල ඊයේ (07) දින කොමිෂන් සභාව වෙත භාරදුන් අනතුරුව ඔහු මේ අදහස් පළ කළේය.