බැංකුවලින් ගත්තු ණය කපා හරින්න යයි?..හැබැයි මුල්තැන මේ අයටලු..

Central Bank of Sri Lanka Parliament of Sri Lanka Sri Lanka Politician Government Employee
By Aruna May 17, 2023 03:26 AM GMT
Aruna

Aruna

Report

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන හරහා රාජ්‍ය බැංකුවලින් ණය ලබාගත් දේශපාලකයින්ගේ ණය කප්පාදු කිරීමට ආණ්ඩුව සූදානම් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහතා පවසනවා.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ, කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්,

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා..

"ලංකාවේ ආණ්ඩුවේ ප්‍රධාන බැංකුවල සමහර බොල් ණය බවට පත්වෙලා තිබෙන්නේ, එසේත් නැතිනම් නොගෙවන ණය බවට පත්වෙලා තියෙන සමහර ණය ලබාගත් අය තාම ව්‍යාපාර කටයුතු කරනවා. හෝටලයකට ණය ගන්නවා මාතලේ පැත්තේ ඇතැම් දේශපාලඥයෙක් හෝටලයේ ණය ගෙවන්නේ නැහැ.

හැබැයි හෝටලය තියෙනවා. ඊළඟට නැගෙනහිර පළාතේ දේශපාලඥයෙක් තමන්ගේ ව්‍යාපාරවලට විශාල ණයක් ගන්නවා. ණය තියෙද්දි ඔහු ඒ ව්‍යාපාරයෙන් පැත්තකට වෙලා. වෙන ව්‍යාපාරයක් කරනවා.

ඒ නිසා මේ වගේ අපේ ප්‍රධාන බැංකුවල නොගෙවූ ණය තියෙන විශේෂයෙන්ම බල සම්පන්න අයගේ ණය වහාම අයකර ගැනීම සඳහා වැඩපිළිවෙළක් සැදිය යුතුයි කියලා අපි ආණ්ඩුවට කියනවා.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන අස්සේ අර ණය ටික කපලා අරින්න සමහරු උත්සහා කරනවා. ඒක වැරදි ඒ නිසා අපි ණය ප්‍රතිව්‍යුහගත කිරීම එකක් හැබැයි මේ මෙතෙක් කල් නොගෙවන බරපතළ ණය තොගයක් තියෙනවා මේවා සම්බන්ධයෙන් තීරණයක් ගතයුතු වෙනවා."

මේ අතර, "තරුණ තරුණියන්ට බැංකු වලින් අඩු පොලියට විශේෂ ණයක්"..මුලින්ම ලැබෙන්නෙ මේ අයට..

වැඩි විස්තර මෙතනින් බලන්න?


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now