කාන්තාවක් නේ..අගමැතිට ලෝකෙ තියෙන නරකම චෝදනාව කරන බව කියන බිමල්
අගමැතිතුමියට ලෝකෙ තියෙන නරකම චෝදනා කරමින් සිටින බව ප්‍රවාහන මහා මාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කරයි.
ඒ අනුව උත්සව සභාවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.
එහිදී ඔහු පැවසුවේ, "මට මඩ ගැහුවා නම් කිසි ප්‍රශ්නයක් නෑ. මේ කාට එරෙහිව ද මේ කටයුතු කරන්නේ. අගමැතිතුමියට ලෝකෙ තියෙන නරකම චෝදනාව කරනවා. කාන්තාවක් නේ. මොකක් නිසාද’"යනුවෙන්.
මෙහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ දේශපාලන වශයෙන් අනාථ වූ පිරිසක් වෙඩි කෑ ඌරන් ලෙස මේ ආකාරයේ කටයුතු කරමින් සිටින බවයි.