කටුනායක ගුවන්තොටුපළෙන් නරක ආරංචියක්

Report

කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේ ස්ථාපිත කොට ඇති විදෙස් සංචාරකයන්ට තාවකාලික රියැදුරු බලපත්‍ර නිකුත් කරන ස්ථානයේ අඩුපාඩු උග්‍ර අතට හැරී ඇති බවට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයට වාර්තා වී තිබෙනවා.

ඒ අනුව පැය විසිහතර පුරා ක්‍රියාත්මක මෙම රියැදුරු බලපත්‍ර නිකුත් කරන කවුළුව තුළ අන්තර්ජාල පහසුකම්, වීසා බලපත්‍ර සහ ද්විත්ව පුරවැසි සහතිකපත්‍ර මුද්‍රණයට පවා පහසුකම් නොමැති බවට ද තොරතුරු අනාවරණය වී ඇත.

ශ්‍රී ලංකාවට සංචාරයට එන විදේශිකයන්ට පැමිණීමේ පර්යන්තයේ අදාළ පහසුකම් නොමැති හේතුවෙන් පිටත පිහිටි තැපැල් කාර්යාල වෙත යාමට සිදුවී ඇ‍ති බවටද ද පැමිණිලි ලැබී ඇති බව සඳහන්.

2026 පාසල් වාරය සමඟින් දිවයිනේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

2026 පාසල් වාරය සමඟින් දිවයිනේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

එම කවුළු පරිශ්‍රයේ සේවකයන්ට බීමට ජලය, ප්‍රථමාධාර පහසුකම්, විවේක ගැනීමට සුදුසු ස්ථානයක් පවා නොමැති බවටත් සේවා මුර පවත්වාගෙන යාමේදී ගැටලු ගණනාවක් මතුවී ඇති බවටත් තොරතුරු හෙළි ව ඇත.

එබැවින් මේ සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහගෙන් සිදු කළ විමසීමේදී ඔහු සඳහන් කළේ යම් යම් පැමිණිලි ප්‍රමාණයක් ලැබී ඇති බවත් එම අඩුපාඩු සැකසීමට වහා පියවර ගන්නා බවත්ය.

එමෙන්ම විදේශකයන්ගේ පහසුව සඳහා ස්ථාපිත කොට ඇති තාවකාලික රියැදුරු බලපත්‍ර නිකුත් කරන කවුළුව කාර්යක්ෂමව පවත්වාගෙන යාම අතිශය වැදගත් බවත් ඔහු පවසයි.

ලාෆ්ස් ගෑස් මිල ඉහළට - නව මිල මෙන්න

ලාෆ්ස් ගෑස් මිල ඉහළට - නව මිල මෙන්න

වායුගෝලයේ කැලඹීම වැඩිවෙයි - ඉදිරි දිනවල රටට වෙන දේ ගැන නිවේදනයක්

වායුගෝලයේ කැලඹීම වැඩිවෙයි - ඉදිරි දිනවල රටට වෙන දේ ගැන නිවේදනයක්