සියල්ලන් පුදුම කරමින්, වහා ක්‍රියාත්මක වෙයි - පන්දුවට අතින් ගසා වාර්තා පොතට ගිය ක්‍රිකට් ක්‍රීඩකයා.. අවසානයේ සිදුවුණ දෙය.. (PHOTOS)

Cricket New Zealand Bangladesh New Zealand Cricket Team Bangladesh Cricket Team
By krishani Dec 06, 2023 11:48 PM GMT
krishani

krishani

Report

ඊයේ (06) බංග්ලාදේශයේ මුෂ්ෆිකූර් රහීම් නවසීලන්තය සමග ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේ දී දැවී ගියේ ය.

සියල්ලන් පුදුම කරමින්, වහා ක්‍රියාත්මක වෙයි - පන්දුවට අතින් ගසා වාර්තා පොතට ගිය ක්‍රිකට් ක්‍රීඩකයා.. අවසානයේ සිදුවුණ දෙය.. (PHOTOS) | Bangladeshs Mushfiqur Hands The Ball

ඒ ක්‍රිකට් වාර්තා පොතට සිය නම එක් කරමින් ය.

ඩකා හි පැවැත්වෙන එම තරගයේ පළමු ඉනිමේ දී මුෂ්ෆිකූර් දැවී ගියේ "පන්දු රැකීමට අවහිර කිරීම" හේතුවන් ය.

සියල්ලන් පුදුම කරමින්, වහා ක්‍රියාත්මක වෙයි - පන්දුවට අතින් ගසා වාර්තා පොතට ගිය ක්‍රිකට් ක්‍රීඩකයා.. අවසානයේ සිදුවුණ දෙය.. (PHOTOS) | Bangladeshs Mushfiqur Hands The Ball

ඔහු එවැනි ආකාරයකට ටෙස්ට් ක්‍රිකට් තරගයක දී දැවී ගොස් ඇති දෙවැනි පිතිකරුවා වේ.

තරගයේ 41 වැනි පන්දු වාරයේ දී කයිල් ජැමීසන් එවූ පන්දුවකට ආරක්ෂාකාරී පහරක් එල්ල කළේ ය.

එහිදී පන්දුව කඩුල්ල දෙසට යන බවක් පෙනුණු ඔහු වහා ක්‍රියාත්මක වීය.

පසුව සිය අත් ආවරණයෙන් ඔහු පන්දුව ඉවතට තල්ලු කළ අතර නවසීලන්ත පන්දු රකින්නන් මුෂ්ෆිකූර් ට එරෙහිව ඉල්ලීමක් කළේ ය.

සියල්ලන් පුදුම කරමින්, වහා ක්‍රියාත්මක වෙයි - පන්දුවට අතින් ගසා වාර්තා පොතට ගිය ක්‍රිකට් ක්‍රීඩකයා.. අවසානයේ සිදුවුණ දෙය.. (PHOTOS) | Bangladeshs Mushfiqur Hands The Ball

එම ඉල්ලීම පිටියේ සිටි විනිසුරුවන් තෙවැනි විනිසුරුට යොමු කළ අතර ඉන් අනතුරුව විනිසුරු අහෂන් රාසා එය දැවීයාමක් ලෙස නම් කළේ ය.

කෙසේ වෙතත්, 1951 දී දකුණු අප්‍රිකාව සමග පැවති ටෙස්ට් තරගයක දී එංගලන්තයේ ලෙන් හටන් ද එම වරදට දැවී ගියේ ය.

ReeCha