බංග්ලාදේශ අරගය පිටුපස ප්‍රබල විදෙස් කුමන්ත්‍රණයක්.. ඉන්දීය අගමැති මෝදිගෙනුත් ප්‍රකාශයක්..

Narendra Modi Pakistan India Bangladesh
By Aruna Aug 09, 2024 06:45 AM GMT
Aruna

Aruna

Report

නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යූනුස් බංග්ලාදේශයේ අන්තර්වාර රජයේ ප්‍රධානියා ලෙස වගකීම් භාර ගැනීම ගැන ඉන්දියාව සතුටු වන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසා තිබෙනවා.

එමෙන්ම ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, බංග්ලාදේශය ඉක්මනින් යථාතත්ත්වයට පත් කිරීම සහ හින්දු සුළුතරයේ ආරක්ෂාව සහතික කිරීම වැදගත් බවද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර ඇති බවයි.

භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් එකවරම පහත දමයි..එම මිල ගණන් මෙන්න..

භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් එකවරම පහත දමයි..එම මිල ගණන් මෙන්න..


ඒ, සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය X ගිණුමේ සටහනක් ද තබා ඇත.

සාමය, ආරක්‍ෂාව සහ සංවර්ධනය සඳහා දෙපාර්ශ්වයේම පොදු අභිලාෂයන් ඉටු කිරීම සඳහා බංග්ලාදේශය සමග කටයුතු කිරීමට ඉන්දියාව කැපවී සිටින බවයි, එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා ධුරයෙන් ඉල්ලා අස්වී රටින් පළායාමත් සමග ආණ්ඩුව බිඳ වැටුණු අතර, එරට පාර්ලිමේන්තුව ද විසුරුවා හැරීමට ජනාධිපති මොහොමඩ් ෂහාබුද්දීන්ට සිදුවුණා.

ICC නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරියට එයි..අපේ සිංහයින්ට හිමිවූ තැන මෙන්න.

ICC නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරියට එයි..අපේ සිංහයින්ට හිමිවූ තැන මෙන්න.


ඒ සමග ඇති වූ හමුදා පාලනය ප්‍රතික්ෂේප කළ විරෝධතාකරුවන්ගේ ඉල්ලීම අනුව මුහම්මද් යූනුස් ට මෙම තනතුර හිමිවීම ද විශේෂත්වයක්.

නොබෙල් සාම ත්‍යාගලාභියෙකු වන යූනුස් බංග්ලාදේශයේ ආර්ථික විශේෂඥයෙක් සහ සමාජ ව්‍යවසායකයෙකු වන අතර, හසීනාගේ ප්‍රබල එදිරිවාදියෙකු වූ ඔහු සිරදඬුවමට පවා ලක්වී සිටි අයෙක් බවයි පැවසෙන්නේ.

බංග්ලාදේශය තුළ නව පාලනයක් පිහිටුවන තෙක් මුහම්මද් යූනුස්ගේ ප්‍රධානත්වයෙන් යුත් අන්තර්වාර රජය එරට පාලනය කිරීමට නියමිතයි.

මේ අතර, බංග්ලාදේශයේ භාරකාර රජය විසින් මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ශෙයික් හසීනා යළි එරටට පැමිණෙනු ඇති බව ශෙයික් හසීනාගේ පුත් සජීබ් වසීඩ් ජෝයි ප්‍රකාශ කර තිබෙනවා.

බංග්ලාදේශයේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවීම පිටුපස පාකිස්තානය සිටින බවට ද සජීබ් වසීඩ් විසින් චෝදනා කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

රාජ්‍ය අමාත්‍යවරුන් 08ක් නාමල් වෙනුවෙන් තීරණයක් ගනී..එම අටදෙනා මෙන්න..

රාජ්‍ය අමාත්‍යවරුන් 08ක් නාමල් වෙනුවෙන් තීරණයක් ගනී..එම අටදෙනා මෙන්න..


ඔහු ප්‍රකාශ කර ඇත්තේ, නොසන්සුන්කාරී තත්ත්වය ඇති කිරීම සඳහා පාකිස්තාන අයි. එස්. බුද්ධි අංශය ප්‍රධාන භූමිකාවක් ඉටු කර ඇති බවයි.

බංග්ලාදේශයේ ඇතිවූ තත්ත්වයට විදේශීය මැදිහත්වීමක් පවතින බවට නිරීක්ෂණය වී ඇති බව පෙන්වාදී ඇති සජීබ් වසීඩ් පාකිස්තාන අයි. එස් බුද්ධි අංශය ඊට සම්බන්ධ බවට සාක්ෂි පවතින බවද සඳහන් කර තිබුණා.

ReeCha