සියලු බේකරි නිෂ්පාදන වල මිල ඉහළ යයි ද?

Covid Sri Lanka Barry products
By Aruna Jun 13, 2021 06:35 AM GMT
Report

ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් සියලු බේකරි නිෂ්පාදන වල මිල ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

මේ වන විටත් ඇතැම් බේකරි හිමියන් සිය නිෂ්පාදනවල මිල ඉහළ නංවා ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පවසයි.

මේ වන විට ඉන්ධන මිල මෙන්ම බේකරි නිෂ්පාදනයට අවශ්‍ය සෙසු අමුද්‍රව්‍යවල මිලද ඉහළ ගොස් ඇති අතර විශේෂයෙන් ඉදිරියේ දී තිරිඟු පිටි මිල ඉහළ යනු ඇති බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now