මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපතිට ඇප..

Sri Lanka Sri Lanka Magistrate Court
By Gagana Nov 13, 2023 10:37 AM GMT
Gagana

Gagana

Report

 වැඩ තහනමකට ලක් වූ හිටපු මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති රුපියල් කෝටියක අල්ලසක් ලබා ගත්තා යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපති ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.

අත්අඩංගුවට ගෙන සිටි මෙම සැකකරුවන් තුන්දෙනා අද (13) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් වූ අතර එහිදී කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත් වරයා මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපතිවරයාට රුපියල් 25,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළේය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් දෙදෙනකු ලබන 24 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත ගත කිරීමට ද මහේස්ත්‍රාත්වරයා නිකුත් නියෝග කළා. 

ReeCha