අයහපත් කාලගුණය හැටන් අධිකරණයටත් බලපායි- අද කැඳවීමට තිබූ නඩු සියල්ල කල් දැමේ

Report

නුවරඑළිය දිස්ත්‍රික්කයට ඇදහැලෙන අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් හැටන් දිසා අධිකරණයේ සහ මහෙස්ත්‍රාත් අධිකරණයේ අද (04) දින කැඳවීමට නියමිතව තිබූ සියලු නඩු ලබන 11 වැනිදා කැඳවීමට තීරණය කර ඇත.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අධිකරණ කාර්ය මණ්ඩලයට, නඩු කටයුතු සඳහා සහභාගී වන පොලිස් නිලධාරීන්ට සහ අදාළ පාර්ශ්වකරුවන්ට අධිකරණයට පැමිණීමට ප්‍රමාණවත් ප්‍රවාහන පහසුකම් නොමැති වීම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබේ.

එම අධිකරණවල සේවය කරන නීතිඥවරුන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරුන් විසින් නඩු වෙනත් දිනයකට කල් තැබීමට පියවර ගෙන ඇති බව සදහන් වේ  .

අධික වැසි නිසා ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් අලුයම විවෘත වෙයි

අධික වැසි නිසා ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් අලුයම විවෘත වෙයි

එකම තැනක රස දහසක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැනකෙළියට එන්න

එකම තැනක රස දහසක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැනකෙළියට එන්න