උදේ වරුවේ නොකළ යුතු දේවල් 8ක්
උදෑසන ඔබ නින්දෙන් අවදි වූ පසුව සිදු කරන සමහර පුරුදු ඔබේ සෞඛ්‍යයට අහිතකර විය හැකි බව වෛද්‍ය විද්‍යාවේ සොයා ගෙන තිබෙනවා. අද අපි කතා කරන්නේ එවැනි පුරුදු කීපයක් ගැනයි.
මුහුණ පමණක් සේදීම
බොහෝ දෙනෙක් පුරුදු වෙලා ඉන්නේ උදේ නැගිට්ටට පස්සේ මුහුණ විතරක් සෝදන්න. හැබැයි ඔබ කල යුත්තේ ඇඟ සේදීමයි. දවස පුරා නැවුම් ලෙස ඉන්නටත්, නැවුම් සිතුවිලි ඇති කර ගැනීමටත් ඇඟ සේදීමේ පුරුද්ද ඔබට උදව් වේවි.
උණු ජලයෙන් ඇඟ සේදීම
උදෑසන උණු ජලයෙන් සිරුර සේදීමේ පුරුද්ද නම් සුදුසු නැහැ. එයින් ඔබේ සම වියලි වීමේ අවදානමක් පවතිනවා.උණු ජලයෙන් සිරුර සේදූ පසු කම්මැලි කමක් දැනෙනවා. නමුත් සිසිල් ජලයෙන් සිරුර සේදු පසු එය ඔබව දවස පුරා ප්‍රබෝධයෙන් තබන්නට උපකාරී වෙනවා. ඒ වගේම මොළයේ සහ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය උත්තේජනය කරවනවා
අන්තර්ජාලයේ සැරි සැරීම
උදේ නැගිට්ට ගමන් සමාජ ජාලා වල සැරිසැරීමෙන් වලකින්න. උදෑසන වරුව අන් අයගේ ගිණුම් පරීක්ෂා කිරීමට, ඔවුන්ගේ අදහස් සහ උදහස් කියවීමට ඔබේ කාලය නාස්ති කිරීම නවත්වන්න. ඒ වෙනුවට උදෑසන වරුව ඔබේ යහපත වෙනුවෙන් ගත කරන්න. ඊමේල් චෙක් කිරීමත් උදෑසනට අයත් කාරයක් නෙවෙයි. ඔබ උදේ වරුවේ කල යුත්තේ සංගීතයට සවන් දීම, ව්‍යායාම වල නිරත වීම, පවුලේ සාමාජිකයන් සමඟ ආදරයෙන් සිටීම වැනි දේවල්ය. එය ඔබව දවස පුරා ප්‍රබෝධයෙන් තැබීමට කටයුතු කරනු ඇත.
ඇඳිය යුතු ඇඳුම තීරණය කිරීම
ඔබ ඇඳිය යුතු ඇඳුම තීරණය කිරීම උදෑසන වරුවට අයත් කාර්යයක් නොවේ. ඔබේ පරණ ඇඳුම් ඉවත් කර, ඔබට අවශ්‍ය ඇඳුම් පමණක් ළඟ තබා ගන්න.උදෑසන ඇඳිය යුතු ඇඳුම පෙර දින රාත්‍රියේ තීරණය කර, එය අයන් කර තබන්න. එමඟින් ඔබට ඔබේ කාලය ඉතිරි කර ගත හැක. උදෑසන වරුව නිදහසේ ගත කිරීමට එය උපකාරයක් වනු ඇත.
සීනි සහිත ආහාර ලබා ගැනීම
බහුතරයක් දෙනා පුරුදු වෙලා ඉන්නවා උදේ වරුවට සීරියල් වර්ග ආහාරයට ගන්න. එය උදෑසන සඳහා හොඳින් ගැලපෙන ආහාරයක්. නමුත් ඔබ සීරියල් ආහාරට ගන්නේ සීනි සහිත කිරි, පලතුරු මිශ්‍ර කර නම් එය සුදුසු නැහැ. උදේ වරුවේ සීනි අධික ආහාර ලබා ගැනීමෙන් රුධිරයට සීනි එකතු වෙන ප්‍රමාණය වැඩියි
උදෑසන කෝපි පානය කිරීම
උදෑසන අවදි වූ විගස කෝපි පානය කිරීමෙන් සිරුරේ කෝටිසෝල් මට්ටම ඉහළ යනවා. කුසගිනි ඇති වූ විට කෝපි පානය කළහොත් ඔබට ගැස්ට්‍රයිටිස් වැළඳීමේ අවදානමක් ඇති වෙනවා. ඔබට උදේ කෝපි පානය කිරීම නවත්වා ගත නොහැකි නම්, එයට කිරි ස්වල්පයක් එක් කරන්න.
එමඟින් කෝපි ආමාශයට ඇති කරවන බලපෑම අඩු කර ගන්න පුළුවන්.
අවදි වූ විගස ඇඳ රෙද්ද සැකසීම
රාත්‍රිය පුරා ඔබේ සිරුරේ ඇති දහදිය සහ මේදය එහි තැවරී තිබෙනවා. ඉතින් ඇඳ රෙද්ද සැකසීමේදී එය මෙට්ටයට උරා ගන්නවා. මේ ක්‍රමය ඔබේ ඇඳේ දූවිලි මයිටාවන් වර්ධනය වීම කෙරෙහි බලපානවා. මේ නිසා අවදි වූ විගස ඇඳ රෙද්ද ඇඳෙන් ඉවත් කර ගසන්න. අව්වේ දැමිය හැකි නම් වඩාත් සුදුසුයි.