මාරක රිය අනතුරකින් මවගේ තුරුළේ සිටි මාස 3ක පුංචි මල් කැකුළකට දිවි අහිමි වෙයි

Report

පෑලියගොඩ පොලිස් වසමේ කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ රෝහණ විහාරය අසලදී කොළඹ දෙස සිට නුවර දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් පදික මාරුව අසල නවතා තිබූ යතුරු පැදියක හා කාර් රථයක ගැටීමෙන් ඊයේ (16) දින අනතුරට ලක්ව තිබෙනවා.

එම අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන් කළ කාන්තාවකගේ අතෙහි සිටි කුඩා දැරියක් සහ දරුවෙකු බරපතළ ලෙස තුවාල ලබා ඇත.

අද උදෑසන දක්ෂිණ අධිවේගයේ සිදුවූ මාරක අනතුර ගැන ඇහෙන හද කම්පා කරන කතා රැසක්

අද උදෑසන දක්ෂිණ අධිවේගයේ සිදුවූ මාරක අනතුර ගැන ඇහෙන හද කම්පා කරන කතා රැසක්

අනතුරුව රිජ්වේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කුඩා දැරිය ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

එමෙන්ම දරුවන්ගේ මව, ත්‍රීරෝද රථයේ රියදුරු හා ත්‍රීරෝද රථයේ ගමන් කළ තවත් පුද්ගලයෙකු ද තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

අනතුරින් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, වයස මාස 03 දින 23ක් වූ පට්ටිය හන්දිය, කැළණිය ප්‍රදේශයේ පදිංචි දැරියක් බව සඳහන්.

මේ අතර මෘත ශරීරය කොළඹ රිජ්වේ ළමා රොහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පෑලියගොඩ පොලිසිය විසින් සිදු කරනු ලබනවා.

යහනයේදීම මියගිය රාජ්‍ය සේවිකාව මරලා - මෙන්න විස්තරේ

යහනයේදීම මියගිය රාජ්‍ය සේවිකාව මරලා - මෙන්න විස්තරේ

මේ ලග්නවලට අද සතුට, ධනය, සැප ඉතුරුවත් ප්‍රවේශමෙන්, නැත්තම් වෙන්නේ මේකයි

මේ ලග්නවලට අද සතුට, ධනය, සැප ඉතුරුවත් ප්‍රවේශමෙන්, නැත්තම් වෙන්නේ මේකයි