විගණකාධිපති ධූර පුරප්පාඩුව අවසන් වෙයිද? -ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීම අද

Report

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (03) රැස්වීමට නියමිතව ඇත. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.

අද දහවල් 12ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වීමට නියමිත බව වාර්තා වේ.

විගණකාධිපති තනතුර සඳහා ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරන ලද නම් පිළිබඳ අද දිනයේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අවධානය යොමු කිරීමට නියමිතව තිබේ.

ඒ අනුව නව විගණකාධිපතිවරයෙකු තෝරා ගැනීම අද දිනය තුළ සිදුවනු ඇති බව වාර්තා වේ.

අද දේශපාලනයේ තීරණාත්මක දිනයක් - ශිරන්ති රාජපක්ෂ අද FCIDයට - නාමල් රාජපක්ෂ CIDයට

අද දේශපාලනයේ තීරණාත්මක දිනයක් - ශිරන්ති රාජපක්ෂ අද FCIDයට - නාමල් රාජපක්ෂ CIDයට

හිටපු විගණකාධිපති ඩබ්ලිව්.පී.සී වික්‍රමරත්න මහතා විශ්‍රාම යාමත් සමග පසුගිය අප්‍රේල් මස 8 වන දින සිට විගණකාධිපති ධුරය හිස්ව පවතී.

විගනකාධිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන ධර්මපාල ගම්මන්පිල මහතා එම ධුරයේ වැඩබැලීම සඳහා පත්කර තිබේ.

ඔහුගේ වැඩබැලීමේ කාලය ද පසුගිය දෙසැම්බර් මස 5 වන දිනයේදී අවසන් විය මේ වන විට විගණකාධිපති ධුරය හිස්ව පවතී. ජනාධිපතිවරයා විසින් අවස්ථා කිහිපයක දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නම් යෝජනා කර තිබේ .

    එම නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය. ඒ අනුව ජනාධිපතිවරයා විසින් විගණකාධිපති ධුරය සඳහා නව නිර්දේශ ඉදිරිපත් කර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අවසන් තීරණයක් ගැනීමට නියමිතව ඇත.

මේ අතර පෙබරවාරි මාසයේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද පවත්වනු ලබයි.

පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය ප්‍රකාශ කර තිබෙනුයේ ලබන සිකුරාදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත වන බවත් නිදහස් දිනය හේතුවෙන් හෙට (04) දිනයේ පාර්ලිමේන්තු රැස්වීම නොපැවැත්වෙන බවයි .