නඩුව පැරදුණු පසු පැමිණිලිකරුගෙන් නිතීඥවරයෙකුට මුත්‍රා ප්‍රහාරයක්
මතුගම අධිකරණයේ විභාග වූ ඉඩම් නඩුවක් පැරදුනේ යැයි උරණ වී තමා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයාට මුත්‍රා පාර්සලයකින් පහරදුන් බව කියන එම නඩුවේ පැමිණිලිකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු මීට වසර කිහිපයකට පෙර හිටපු අමාත්‍යවරයෙකුට අයත් අගලවත්ත ප්‍රදේශයේ ඉඩමක ටේලර් සාප්පුවක් පවත්වාගෙන ගොස් ඇති අතර, එයින් ඉවත් වෙන ලෙස අමාත්‍යවරයා දැනුම් දීමෙන් පසු ඔහු ඊට එරෙහිව අධිකරණයේ නඩුවක් පවරනු ලැබුවා.
පසුගියදා මෙම ඉඩම් නඩුවේ විභාගය සිදු වී ඇති අතර, එහිදී පැමිණිලි පාර්ශවයට අදාළ ඉඩම අහිමි වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ඒ පිළිබඳව උරණ වූ එහි පැමිණිලිකරු නඩුව වෙනුවෙන් ලබාදුන් මුදල් ඉල්ලා, සිය නීතිඥවරයාට ඊයේ පෙරවරුවේ මතුගම අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දී මුත්‍රා පාර්සලයකින් පහර දී තිබෙනවා.
පහරකෑමට ලක් වු අදාළ නීතිඥවරයා වෑත්තෑව ප්‍රාදේශීය රෝහලට ඇතුළත්ව එහි බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගෙන ඉන් පිටව ගොස් ඇති බව සඳහන්. නීතිඥවරයා කළ දැනුම්දීමකට අනුව සැකකරු ඊයේ පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවා.
මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා කළුතර උතුර, කලපුගම ප්‍රදේශයේ පදිංචි 85 හැවිරිදි අයෙක්. ඔහු මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
