"විවාහ වෙන්න ඉන්න අයට සුබ වෙනකොට විවාහ වුණ අයට අද වෙන්නේ මේ දෙයයි.." - ඔබගේ ලග්නයට අද කොහොමද කියල බලලම දවස සුබ කරගන්න.

Sri Lanka Astrology Lagna Palapala Jothishya Lagna
By krishani Nov 08, 2023 12:01 AM GMT
krishani

krishani

Report

මේෂ ?

ඉගෙනන ගන්නා අයගේ උනන්දුව වැඩිවීමට හේතු වෙයි. තරඟ විභාගාදියෙන් ජය ලැබිය හැකියි. උදරාබාධ සහ කල්පනිකාරී විය යුතුය. එඩිතර ගති සහ සෘජු අදහස් ඉස්මතු වේ. ප්‍රතිපත්ති ගරුකව ආත්ම ශක්තියෙන් යුතුව අභියෝග ජය ගැනීමට හැකිය.ප්‍රේමය සම්බන්ධ කටයුතුවලදී තම ගෞරවය රැක ගැනීමට සහ දියුණුව පිණිස උත්සාහ ගනියි.

වෘෂභ ?

ඔබට මවගේ සහ මව්පස නෑයින්ගේ සිත් දිනා ගනිමින් කටයුතු කිරිමට හැකියාව ලැබෙනු ඇත. ගේ දොර පරිසරය අලංකාරයව සහ සුවදායී ලෙස තබා ගැනීමෙන් සතුටට පත් වේ.ප්‍රතිපත්ති ගරුකව ආත්ම ශක්තියෙන් යුතුව අභියෝග ජය ගැනීමට හැකිය.

මිථුන ?

ඔබේ දක්ෂතා ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වීමට සමත් වෙයි. තම පරපුර බබලවමින් කරන සහෝදර සහෝදරියන් හා යහපත් ඇසුර කාගෙත් හිත් දිනා ගනී. තම දැනුම සහ අදහස් මෙහෙයවා කරන රැකියා, ව්‍යාපාර හෝ වෙනත් කටයුතුවලින් ලැබීමේ වාසනාව ඇත.

කටක ?

අද ඉතාම ශුභයි. කතාව ආකර්ශනීය වේ. හවුල් කරුවන්, ඇසුරු කරන්නන් සහ ආදරය අතර හොඳ හිත වර්ධනය කර ගනී. මුදල් අතින් අඩුපාඩුවක් ඇති නොවේ. පවුලේ අය සමග, විවාහ සහකාරාදිය සහ දරුවන් සමග ඉතා සතුටින් කාලය ගෙවීමට අද දිනයේදී ඔබට අවස්ථාව සැළසේ.

සිංහ ?

අද ඉතාම ශුභයි.හොඳ හිත වර්ධනය කර ගනී. මුදල් අතින් අඩුපාඩුවක් ඇති නොවේ. ගෙදරට ඉතා හිතවත්ය. පවුලේ අය සමග, විවාහ සහකාරාදිය සහ දරුවන් සමග ඉතා සතුටින් කාලය ගෙවීමට අද දිනයේදී ඔබට අවස්ථාව සැළසේ. ප්‍රතිපත්ති ගරුකව ආත්ම ශක්තියෙන් යුතුව අභියෝග ජය ගැනීමට හැකිය.

කන්‍යා ?

අද ඔබට ශුභදායක නොවූවකි. සිත නිතර චංචල වන අතර දුක් සහිත අත්දැකීම්වලට මුහුණපාන්නට සිදු වේ. වාද විවාද උත්සන්න විය හැකිය. අද දින නඩුහබවලට පැටලුනහොත්, ඒවායින් ජය ගැනීම අසිරු වේ. අනවශ්‍ය ගමන් බිමන් සහ අධික වියදම් යෙදිය හැකිය.

තුලා ?

අද ඉතාමත් ශුභය. ව්‍යාපාරවල නිරත වෙන්නන්ට අද අතමිට සරු වෙන දවසකි. සමාජයේ සැළකිලි සහ කීර්තිය ඉහළ යනු ඇත. සමාජශීලී අයට මිතුරන්ගෙන් අඩුවක් ඇති නොවේ. විශේෂයෙන්ම තම විරුද්ධ ලිංගිකයන්ගෙන් ආදරය, කරුණාව මෙන්ම ආරක්ෂාවද ලැබේ.

වෘශ්චික ?

ඔබට යහපත් ප්‍රථිඵල ප්‍රධානය කරයි. සාමාන්‍යෙයන් හුරුපුරුදු ක්‍රියාවන්හි වෙනස් වීම්වලටද භාජනය වුවත් එය ඔබගේ දියුණුව පිණිසම වේ. ඇවිදිමින් කරන රැකියාවන්වල නියුතු අයට බොහෝ ප්‍රතිපල ලැබේ.ඔබට වස්තුව සහ සැප සම්පත් ලබා දේ. අද ඔබට හැමතින්ම වාසනාවන්ත දිනයක්ද වේ.

ධනු ?

ඔබේ දියුණුවේ දොරගුලු විවර කිරීමට සමත් වෙයි. උසස් අධ්‍යාපනය හෝ විදෙස් අධ්‍යාපනය ලබන අයගේ කටයුතු සාර්ථක වෙයි. ස්වයං රැකියා මෙන්ම තම දැනුමෙන් කරන රැකියාවන් ප්‍රචලිත වෙයි. ඔබේ දක්ෂතා කෙරෙහි ආයතන ප්‍රධානීන්ගේ අවධානය යොමු වීමෙන් ඔබේ මතු දියුණුවට පෑදේ.

මකර ?

අද එතරම් යහපත් නොවේ. එබැවින් අද දවසේ ඔබෙගේ හිතේ ධෛර්යය ශක්තිය අඩුවිය හැකිය. ජීවිතය සම්බන්ධ අයහපත් කාරණාවන් යෙදිය හැකි බැවින් බොහෝ කල්පනාකාරී විය යුතුය. අනතුරුදායක කටයුතුවලින් සහමුලින්ම ඈත්වීම නුවණට හුරුය. ශරීර අභ්‍යන්තරය දුර්වල කරන රෝග ඇතිවීමටද ඉඩ තිබේ.

කුම්භ ?

විවාහ අපේක්ෂකයන්ට ශුභයි. එහෙත් විවාහ වූ අය තම ස්වාමියා හෝ භාර්යාව කෙරෙහි එක ස්ථාවරයක නොසිටිය හැකියි. ව්‍යාපාර කොටස් කරුවන් සමගද මත ගැටුම් හෝ වැඩි සබඳතා ඇති කර ගනී. අද දිනයේ ඔබගේ සිතුවිලි චංචල විම ඊට හේතුවයි.

මීන ?

අන්‍යයන් ඇසුරු කිරීමේදී තම මතය වෙනුවට අන්‍යයන්ගේ මතය ඉස්මතු වීමට ඉඩ හරින්න. අනවශ්‍ය වාද භේද, මත ගැටුම් මගින් රහසේ සතුරු කරන්නන් ඇතිවීමට ඉඩ ඇත. කෑමට ප්‍රිය වේ.අභියෝග ජය ගැනීමට හැකිය. ලෞකික ආශාවන් ඇති වේ.ප්‍රේමය සම්බන්ධ කටයුතුවලදී තම ගෞරවය රැක ගැනීමට සහ දියුණුව පිණිස උත්සාහ ගනියි.

ReeCha