හෙට පිටියට පිවිසෙන අපේ සිංහයින් - සැලසුම් රැසක් ඒ අතර..
හෙට (31) ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පිටියට පිවිසෙන්නේ ශ්‍රී ලංකාවයි.
ඒ සැලසුම් රැසක් සමඟ බව අද නුවර දී මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා නායක දසුන් ශානක කියා සිටියේ ය.
එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක,
"ප්‍රෙෂර් එක වැඩි වෙලාවේ තමයි අපි ටීම් එකක් විදියට හොඳටම කරලා තියෙන්නේ.මම හිතනවා ක්‍රීඩකයෝ ආබාධවලට ලක්වෙන එක අපිට නවත්වන්න අමාරුයි.
අවාසනාවකට වගේ අපිට ඒක දිගින් දිගටම වුණ දෙයක්.ට්‍රේනින් වෙන එකේවත් මහන්සිවෙන එකේවත් මම වැරැද්දක් දකින්නේ නෑ.ඒක අවාසනාව. පිතිකරණය ගත්තොත් හොඳ අත්දැකීම් තියෙන ක්‍රීඩකයෝ රැසක් අපිත් එක්ක ඉන්නවා.
මම විශ්වාස කරනවා පීඩනය ඔස්සේ හොඳ ගමනක් යන්න පුළුවන් වෙයි කියලා.ගියපාර ශූරතාවය දිනුවේ අපි විස්සයි විස්ස තරගාවලියක.මම හිතන්නේ පන්දුවාර 50 තරගයක් ගත්තාම ඊට සාපේක්ෂව ගොඩක් වෙනස්.මේකට එන සැලසුම් ගොඩක් වෙනස්වෙලා තියෙනවා.වර්ෂාවෙන් සමහරක් විට බාධා ඇති වෙන්න පුළුවන්.ඉතින් මම හිතන්නේ අපි හැමදේටම සූදානම් වෙලා ඉන්නවා තරගාවලියට මුහුණ දෙන්න.."
