රෝගියකුට මහමග අඩන්තේට්ටම් කළ රණවිරුවන්ට ස්ථාන මාරු

By Wasantha Jun 23, 2021 12:00 PM GMT
Report

තමන් පීඩා විදින රෝගී තත්වයකට ඖෂධ සොයා ගැනීම සදහා වීදියට පැමිණි අයකුට සතෙකුට මෙන් පහර දුන් බවට ශ්‍රී ලංකා යුද හමුදාවට චෝදනා එල්ල වී තිබේ.

මාරාන්තික වසංගත ව්‍යාප්තිය හමුවේ රට පුරා පනවා තිබු සංචරණ සිමා උල්ලංඝණය කළ බවට චෝදනා නගා එරාවූර් වැසියන් පිරිසකට මහ මාර්ගය අයිනේ දණ ගස්වා ඉහලට අත් ඔසවා සිටින ලෙස හමුදා භට පිරිස් නියෝග කර තිබෙන අයුරු සමාජ මාධ්‍ය ඔස්සේ අනාවරණය කර තිබුනි.

එම අඩන්තෙට්ටම සම්බන්ධයෙන් චෝදනා ලබන සෙබළුන්ට ස්ථාන මාරු ලබා දී ඇති බව යුද හමුදාව පවසයි. යුද හමුදා සාමාජිකයන් අතින් නින්දාවට හා පහර කෑමකට ලක්වු හතලිස් හතර වයසැති මුස්ලිම් ජාතික එරාවූර්හි මොහොමඩ් ඉස්මයිල් මර්සූක් ඉන්දියාවේ 'හින්දු' පුවත්පතට පවසා ඇත්තේ තමන් බෙහෙත් ලබා ගැනීමට නිවසින් පිටත් වු බව යුද හමුදා සෙබළුන්ට දන්වා සිටියත් තමන්ට දණ ගසන ලෙස යුද හමුදාව නියෝග කළ බවයි.

"මම අපේ ගමේ ෆාමසියෙන් දියවැඩියාවට ගන්න බෙහෙතුයි, තව ළඟ පාතින් හාල් ටිකකුයි ගන්න බයිසිකලෙන් ගියේ. මම මං ගන්න ගිය පෙති වල හිස් පෙට්ටියකුත් පෙන්නුවා.

රෝගියකුට මහමග අඩන්තේට්ටම් කළ රණවිරුවන්ට ස්ථාන මාරු | Army Srilanka In Batticallo

ඒත් හමුදාවෙන් මට බල කළා, එතන හිටිය තවත් කීප දෙනෙක් එක්ක දණ ගහගෙන අත් උස්සං ඉන්න." තමන්ගේ රෝගී තත්වය සම්බන්ධයෙන් හමුදා සාමාජිකයන් දැනුවත් කළද අමානුෂික ලෙස තමන්ට පහරදුන් බවත් ඔහු 'හින්දු' පුවත්පතට වැඩි දුරටත් පවසා තිබේ.

"මම රෝගියෙක් කියලත් කිව්ව, බෙහෙත් ගන්න අවසර තියෙන නිසා මං ආවෙ ඒකට විතරයි කියලත් මං සිංහලෙන් එයාලට පැහැදිලි කරල කිව්ව. ඒත් එයාලා මං කිව්ව දේ ඇහුවෙ නැතුව, හරකෙක්ට ගහනව වගේ මට ගැහුවා," යි ඔහු පවසා තිබේ.