කාර් බෝම්බයක් පුපුරා යාමෙන් ජෙනරාල්වරයෙකු මරුට

By Kanchana Dec 22, 2025 11:56 AM GMT
Report

රුසියානු ජෙනරාල්වරයෙකුට මරු කැඳවමින් මොස්කව් අගනුවර අද(22) කාර් බෝම්බයක් පුපුරා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි .

එම පිපිරීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රුසියානු සන්නද්ධ හමුදාවන්ගේ මෙහෙයුම් පුහුණු දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වශයෙන් කටයුතු කළ ලුතිනන් ජෙනරාල් ෆනිල් සර්වරොව් යි.

මෙම සිද්ධිය වූ ස්ථානයට මේ වන විට විමර්ශකයින් යොදවා ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කර  තිබේ.

තවද ප්‍රහාරයට යුක්‍රේන බුද්ධි අංශවල සම්බන්ධයක් ඇති බවට ඔවුන් සැක කරනු ලබයි.