මෛත්‍රීගේ ප්‍රකාශය ගැන අගරදගුරු පදවි පිළිතුරු ලබා දෙයි...

Report

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (20) සිදුකළ ප්‍රකාශයට කොළඹ අගරදගුරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්ෂ ගරු ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා විසින් පිළිතුරු ලබා දුන්නේ ය.

ඒ අනුව, උන් වහන්සේ පවසා සිටියේ, පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් වෙනුවෙන් විවිධ පාර්ශ්වවලින් කාදිනල් හිමියන්ට ලැබුණු ආධාර මුදලින් රුපියල් මිලියන 500ක් පමණ මුදලක් මේ වනවිට වින්දිතයින් වෙනුවෙන් වියදම් කර ඇති බවයි.

හිඟ බදු අයකර ගැනීම පිළිබඳව මුදල් රාජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්...

හිඟ බදු අයකර ගැනීම පිළිබඳව මුදල් රාජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්...

"මෛත්‍රීපාල සිරිසේන අද වනවිට දේශපාලන අතින් ඉතාමත් බංකොළොත්භාවයකට පත්වුණු පුද්ගලයෙක්. එතුමාගේ බංකොළොත්භාවය වහ ගැනීමට මෙවැනි බොරු ප්‍රචාර මාධ්‍ය ඉදිරියේ කියන්නේ. ඇත්තටම කාදිනල් හිමිට ලැබුණු මුදලින් මිලියන 500කට වැඩි මුදලක් මේ වනවිටත් වින්දිතයින් වෙනුවෙන් කොළඹ කතෝලික සභාවේ අගරදගුරු හිමිපාණන් යටතේ තියෙන සහන සේවා ආයතනයක් වන සෙත්සරණ ආයතනය විසින් වියදම් කරලා තියෙනවා.ක්‍රිස්තුන් වහන්සේ ඉගැන්වීමක් තියෙනවා දකුණු අතින් දෙන දේ වමතට නොදැනෙන් දෙන්න ඕනේ කියලා. ඒ නිසා තමයි කතෝලික සභාවෙන් කරන දේවල් මාධ්‍ය හමුවේ ප්‍රචාරය නොකර බොහෝම රහසිගතව සිදුකරන්නේ."

යනුවෙන් හෙතෙම පැවසිය.