අද ඉඳන් රියදුරු බලපත්‍ර සේවාවන් සම්බන්ධයෙන් වලංගු විශේෂ නිවේදනයක්
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රියදුරු බලපත්‍ර සේවාවන් නැවත යථා තත්ත්වයට පත් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව අයහපත් කාලගුණික තත්ත්වය නිසා බිඳ වැටී තිබූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රියදුරු බලපත්‍ර පරිගණක පද්ධතිය මේ වන විට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කර ඇති බව එම දෙපාර්තමේන්තුව දන්වයි.
එබැවින් වේරහැර ප්‍රධාන කාර්යාලයෙන් මෙන්ම දිවයිනේ සියලුම ප්‍රාදේශීය කාර්යාලවලින් ඕනෑම ආකාරයකට රියදුරු බලපත්‍ර අලුත් කරගැනීම ඇතුළු සියලු සේවා ලබා ගත හැකි බව සඳහන්.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ වේරහැර ප්‍රධාන කාර්යාලය ඇතුළු දිවයින පුරා පිහිටි සියලුම දිස්ත්‍රික් කාර්යාල (Online සහ Offline ) මඟින් රියදුරු බලපත්‍ර මුද්‍රණය ඇතුළු සියලුම සේවාවන් අද දින (03) සිට සාමාන්‍ය පරිදි සිදු කරනු බවයි.
එමෙන්ම පද්ධති බිඳ වැටීම සිදු වූ දිනවල සේවා ලබා ගැනීමට නොහැකි වූ ජනතාවගේ පහසුව වෙනුවෙන් මීට පෙර දැනුම් දුන් පරිදි පහත සඳහන් විශේෂ විධිවිධාන එලෙසම ක්‍රියාත්මක බව පවසයි.
01. ලිඛිත පරීක්ෂණ (Written Exams) පැවැත්වීම: පද්ධති දෝෂය සහ කාලගුණය නිසා අවලංගු වූ විභාග, පහත සඳහන් නව දිනවලදී පැවැත් වේ.
2025.11.27 දින පැවැත්වීමට තිබූ විභාග - 2025.12.08 වන දින පැවැත්වේ. 2025.11.28 දින පැවැත්වීමට තිබූ විභාග - 2025.12.09 වන දින පැවැත් වේ. (මෙම විභාගයන්, ඔබගේ වේලාව වෙන්කර ගැනීමේ ලේඛනයේ (Booking Document) සඳහන් වේලාවන් හිදීම පැවැත් වේ.)
02. මගහැරුණු වේලාවන් (Appointments) සඳහා: පද්ධති බිඳ වැටීම සිදු වූ 2025.11.27 හා 28 සහ 2025.12.01 හා 02 යන දිනවල වේලාවන් වෙන්කරවා ගෙන සිටි සේවාලාභීන්ට, ඉදිරි සති 02 ක කාලය තුළ රජයේ වැඩකරන ඕනෑම දිනයක පැමිණ තමන්ට අදාළ සේවාවන් ලබා ගැනීමේ අවස්ථාව හිමි වේ.
ඉකුත් දින කිහිපය තුළ සිදු වූ අපහසුතාවය පිළිබඳව කණගාටුව පළ කර සිටින බවත් ඉදිරියේදී බාධාවකින් තොරව සේවාවන් ලබා ගැනීමට හැකියාව පවතින බවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දී ඇත.