රනිල්ගේ වැඩපිළිවෙල අකුරක්වත් වෙනස් නොකරන්න ජනාධිපති එකග වුකා.. IMF පනත් ටික ඒ විදිහටම සම්මත කරනවා.

Anura Kumara Dissanayaka
By Wayomi Oct 07, 2024 12:55 PM GMT
Wayomi

Wayomi

Report

ජාතික ජන බලවේගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගිවිසුම සම්බන්ධයෙන් මැතිවරණයට පෙර කියූ දේවල් සිදු කර නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පැවසීය.

නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ මීගමුව, වැල්ලවීදිය කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකට සහභාගි වෙමිනි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු ආර්ථික කමිටුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පසුගියදා හමුවුනා. මැතිවරණයට පෙර ඒ් අය කීවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගිවිසුම එක්ක යන්නේ නැහැ. සංශෝධනය කරනවා කියලා.

ගිවිසුම මේ රටට හරි යන්නේ නැහැ කිව්වා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ගිවිසුම පාර්ලිමේන්තුවට දැම්මම විරුදධ වුනා.

රටේ ජනතාවට හරියන්නේ නැහැ. ඒ් නිසා අපි ආවම මේක සංශෝදනය කරනවා කියලා ප්‍රකාශ කළා. නමුත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ගිවිසුම සම්බන්ධයෙන් මැතිවරණයට පෙර කියපු දේවල් කරලා නැහැ. මැතිවරණයට පෙර කියපු දේවල් නොකර මෙහෙම යාම ගැන සතුටු වෙනවා.  

රනිල් වික්‍රමසිංහ මහතා ගෙනගිය ආර්ථික වැඩපිළිවෙල අකුරක් හරි වෙනස් කරන්න බැහැ කියන ඒක අපි දැනගෙන හිටියා.

ජනතා විමුක්ති පෙරමුණ, ජාතික ජන බලවේගය, ඒ් අයගේ ආර්ථික කවුන්සිලය කිව්වේ මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක යන්න බැහැ. ගිවිසුම සංශෝධනය කරනවා කියලා. හැබැයි ගිවිසුම සංශෝධනය කරන්න කිසිම දෙයක් කලේ නැහැ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සතියක් තුළ එන එකක් නෙමේ අවුරුදු එක හමාරක් පුරාවට එන සාර්ථක වැඩපිළිවෙලක්. මහ බැංකු අධිපතිතුමා, භාණ්ඩාගාරයේ ලේකම්තුමා, ආර්ථික කමිටු තීරණය කරලා කරපු දීර්ඝ වැඩපිළිවෙලක්. මහ බැංකු අධිපතිතුමා, භාණ්ඩාගාර ලේකම්තුමා ආර්ථික ඝාතකයෝ කීවා. ඒ් අය එලවනවා කීවා.

රනිල් වික්‍රමසිංහ මහතා එක්ක වැඩ කරපු කට්ටිය එක්කම වැඩ කරලා ආර්ථිකය ගොඩදාන එක හොදයි. අනුර කුමාර හා ඒ ආන්ඩුවට අපි සුබ පතනවා වේදිකාවල මොනව කීවත් මේ යන වැඩපිළිවෙල ඉතා හොදයි. මේ තමයි යන්න අවශ්‍ය වැඩපිළිවෙල. මේ වැඩපිළිවෙලින් පිට පැන්නොත් ආර්ථිකය කඩාගෙන වැටෙනවා කියන එක අපි කියනවා. රනිල් වික්‍රමසිංහ මහතා කරපු ආර්ථික ප්‍රතිසංස්කරණ ඒ් ආකාරයෙන් සිදු කළොත් රට ගොඩගන්න පුලුවන්. පාර්ලිමේන්තු මැතිවරණය නිසා මේ දේවල් වහගෙන හිටියට පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විශාල ප්‍රතිසංස්කරණ ගණනවක් යෝජනා කරනවා. ඒ් සියල්ල පාර්ලිමේන්තුවට දාන්න අවශ්‍ය වෙනවා. එදා අපි පාර්ලිමේන්තුවට යෝජනා ගේනාවම හැම කකටම විරුද්ධ වුනා. මහ බැංකු පනත, ණය කළමනාකරණ පනතට විරුද්ධ වුනා. ගොඩක් දේවල් වලට විරුද්ධ වුනා. ඒ් අයට සිද්ධ වෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගිවිසුම සම්බන්ධයෙන් අපි පොරොන්දු වුනා වගේ ඒ් අයටත් ඉටු කරන්න.

අවුරුදු එක හමාරක් තිස්සේ අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගිවිසුම එක්ක කටයුතු කළා. එක දවසක් සහයෝගය දීලා කටයුතු කරලා නැහැ. හැමදාම විරුද්ධව කටයුතු කළා. එහෙම කරපු අය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගිවිසුම එක්ක කටයුතු කිරීම ගැන සතුටු වෙනවා.

රනිල් වික්‍රමසිංහ මහතා ගෙනාපු ආර්ථික ප්‍රතිසංස්කරණ වල ප්‍රතිලාභ තව මාස හයක් පමණ ඉදිරියට තියෙනවා. අයවැය ඉදිරිපත් කිරීම, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ගිවිසුම ක්‍රියාත්මක කිරීම, වෙළෙද හිගය පියවීම, රාජ්‍ය සේවකයින්ගේ පඩි වැඩි කිරීම ඉදිරියට කරන්න අවශ්‍යයි.

මාර්තු වෙනකන් මේ අයට මේ විදියට යන්න පුලුවන්. මාර්තු වලින් පස්සේ ජනතාවට පොරොන්දු වුන දේවල් කරන්න වෙනවා. ජනතා විමුක්ති පෙරමුණ හදන්නේ තුනෙන් දෙකක බලයක් ලබා ගන්න ඒ් නිසා ඒ් අය එළියට ඇවිත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගිවිසුම ගැන කතා කරන්නේ නැහැ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක පවතින ගිවිසුම වෙනස් කරන්න විනාඩියක්වත් ගත කරලා නැහැ. ඒ්ක ඒ් අයුරින්ම යනවා. රට පුරා සියළු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ශක්තිමත් කණ්ඩායමක් මහ මැතිවරණයට ඉදිරිපත් කරනවා. ඒ් සදහා විශාල පක්ෂ, කණ්ඩායම් ප්‍රමාණයක් ඒකතුවෙලා තියෙනවා.

අලුත් කන්ඩායම් එකතු වෙනවා. ජනතා විමුක්ති පෙරමුණට පැහැදිලිව ආණ්ඩු බලය ලබා දෙන්න. අපි ජනතාවගෙන් ඉල්ලන්නේ ප්‍රබල විපක්ෂයක් ලබා දෙන්න කියලා. ජනතා විමුක්ති පෙරමුණ කිව්වා ආණ්ඩු බලය ලබා ගත්තම ජනතාවට දිව්‍ය ලෝකයක් හදනවා කියලා.

අපි බලාගෙන ඉන්නවා ඒ් දිව්‍ය ලෝකය ජනතාවට හදලා දෙනකම්. අද රටේ බහුතර පිරිසක් ජනතා විමුක්ති පෙරමුණට කැමති නැහැ. ජනතා විමුක්ති පෙරමුණට තියෙන්නේ සියයට හතලිස් දෙකයි. සියයට පනස් දෙකක් කැමති නැහැ. ජන්දය නොදුන්න අයත් ගත්තාම සියයට හැටකට ආසන්න වෙනවා යැයි නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය