රනිල්ට ගෑස් ළිදක් හම්බවෙලා ද?. රුපියල් 10,000ක්.. අමාරුම කෙනාට රුපියල් 17,500ක්.. මාලිමා ආණ්ඩුවක කරන්න යන දෙය මෙන්න..

Anura Kumara Dissanayaka Election Latest Headlines Sri Lanka Presidential Election 2024
By krishani Sep 16, 2024 04:00 PM GMT
krishani

krishani

Report

ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ ආහාර, අධ්‍යාපනය, සෞඛ්‍ය සඳහා එක්කර තිබෙන වැට් බද්ද සම්පූර්ණයෙන්ම ඉවත් කරන බවයි.

පන්සලක ගේට්ටු වහගෙන කරන කුමන්ත්‍රණයක් ගැන ප්‍රබල හෙළිදරව්වක්..සහරාන් වගේ පිරිසක් දැයි සැකයක්..සාක්ෂි සහිතව පින්තූර පෙන්වමින් හිටපු බුද්ධි නිලධාරියෙක් චමුදිතට කියයි(VIDEO)

පන්සලක ගේට්ටු වහගෙන කරන කුමන්ත්‍රණයක් ගැන ප්‍රබල හෙළිදරව්වක්..සහරාන් වගේ පිරිසක් දැයි සැකයක්..සාක්ෂි සහිතව පින්තූර පෙන්වමින් හිටපු බුද්ධි නිලධාරියෙක් චමුදිතට කියයි(VIDEO)


ඒ මහතා මේ බව සඳහන් කළේ ජනාධිපතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගය පවත්වන ජනරැලි මාලාවේ අකුරැස්සේ පැවැත් වූ ජනරැලියට එක්වෙමින් ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා,

"ආහාර, අධ්‍යාපනය, සෞඛ්‍ය සඳහා ඇතුළු කරලා තියෙන වැට් බද්ද මුළුමනින්ම අයින් කරනවා. විදුලි බිල ඉතා කෙටි කාලයක් ඇතුළත අඩු කිරීමේ සැලැස්ම ක්‍රියාත්මක කරනවා. ජීවත්වෙන්න අපහසුකම් තියෙන පවුල්ටික තෝරලා රුපියල් 10,000ක්, අමාරුම කෙනාට රුපියල් 17,500ක් දක්වා ගෙවන්න කටයුතු කරනවා.

ඉන්දියාව පරාජය කරන්න මූලික වශයෙන් හේතු වුණා.. දුනිත්ට ලැබුණ විශේෂ තැන මෙන්න..

ඉන්දියාව පරාජය කරන්න මූලික වශයෙන් හේතු වුණා.. දුනිත්ට ලැබුණ විශේෂ තැන මෙන්න..


ඒගොල්ලෝ ආණ්ඩු හදන්නේ බෙදාගන්න, ජාතික ජන බලවේගය ආණ්ඩු හදන්නේ අත්හරින්න. තියෙන ඒවත් අත්හැරලා දේශපාලනය මහජන සේවයක් බවට පරිවර්ථනය කිරීම තමයි අපේක්ෂාව.

එයාලා කියන්නේ අපි ආවොත් තෙල් නැතිවෙයි කියලා. රනිල් කියන්නේ අරාබියේ සුල්තාන්ද?,

රනිල් ආවේ නැතිනම් ගෑස් නැතිවෙනවලු. ඒ කියන්නේ රනිල්ට කොහෙහරි ගෑස් ළිදක් හම්බවෙලාද.

අපි ඔය ගොල්ලන්ට සහතිකයක් දෙන්නම්, තෙල්, ගෑස්, විදුලිය කිසිඳු බාධාවකින් තොරව අඛණ්ඩව සපයන වැඩේ ජාතික ජන බලවේගය කරනවා"

ReeCha