ඉන්දියාව පරාජය කරන්න මූලික වශයෙන් හේතු වුණා.. දුනිත්ට ලැබුණ විශේෂ තැන මෙන්න..

Cricket Sri Lanka Cricket International Cricket Council Latest Headlines
By krishani Sep 16, 2024 11:57 AM GMT
krishani

krishani

Report

2024 අගෝස්තු මාසයට අදාළව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරන ලද මාසයේ ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ නම් කර තිබෙනවා.

ඒ පසුගිය අගෝස්තු මාසයේ දී ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සමග පැවැති තරගාවලියේ දී දුනිත් දැක් වූ දක්ෂතා මුල් කර ගනිමින් වේ.

වෙලා තියෙන දෙය දන්නව ද?. අපේ කෙල්ල හර්ෂිතා ගැන ICC යෙන් එකවරම දැනුම්දීමක් මෙන්න..

වෙලා තියෙන දෙය දන්නව ද?. අපේ කෙල්ල හර්ෂිතා ගැන ICC යෙන් එකවරම දැනුම්දීමක් මෙන්න..


මාසයේ ක්‍රීඩකයා ලෙස තේරී පත් වීම සඳහා දුනිත් හා තරග වැදි අනෙකුත් ප්‍රතිවාදීන් දෙදෙනා වූයේ දකුණු අප්‍රිකාවේ කේෂව් මහරාජ් සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි ජේඩන් සීල්ස් යන අය වේ.

හිටපු ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ නායකයා වූ වෙල්ලාලගේ ඉකුත් අගෝස්තු මාසයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ විශාල ප්‍රගතියක් පෙන්නුම් කළේ ය.

හේතුව හෘදයාබාධයක් ද?. ගයනයෙන් රසික සිත් සතන් සුවපත් කළ, ගායකයෙක් ජීවන කතරට සමු දෙයි.. (PHOTOS)

හේතුව හෘදයාබාධයක් ද?. ගයනයෙන් රසික සිත් සතන් සුවපත් කළ, ගායකයෙක් ජීවන කතරට සමු දෙයි.. (PHOTOS)


කෙසේ වෙතත්, ඔහුගේ දක්ෂතා 1997න් පසු ශ්‍රී ලංකාව පළමු වරට එක්දින තරගාවලියක දී ඉන්දියාව පරාජය කිරීමට මූලික වශයෙන් හේතු විය.