පනාමුරේ තවත් සැකකටයුතු මරණයක්...
පනාමුර පොලිස් වසමේ කෝන්කටුව, 02 කණුව ප්‍රදේශයේදී පිහිටි වෙළෙඳසැලක් අසල සිහිමද ගතියෙන් වැටී සිටි පුද්ගලයෙකු ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.
පොලීසිය පවසන්නේ ඊයේ (12) උදෑසන කාලයේදී එම සිදුවීම වාර්තා වී ඇති බවයි.
මරණකරු කෝන්කටුව, ඇඹිලිපිටිය ප්‍රදේශයේ වයස අවුරුදු 38ක් වූ පදිංචිකරුවෙකි.
පසුගිය 11 වනදා සවස් කාලයේ මරණකරු බීමත්ව වෙළෙඳසැල පිහිටි ස්ථානයට පැමිණි තිබෙනවා.
එහිදී පුද්ගලයන් කිහිපදෙනෙක් සමඟ ඇති කරගත් සිදුවීමක් හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බව විමර්ශනයේදී අනාවරණය වී ඇත.
එම සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු පොලිස් ස්ථානයට පැමිණ භාරවී තිබෙනවා.
සැකකරුවන් ඇඹිලිපිටිය ප්‍රදේශයේ අවුරුදු 23, 55 හා 57 යන වයස්වල පසුවන්නන් වනවා.
පනාමුර පොලිස් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන අතර මෘත ශරීරය ඇඹිලිපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
