තමා කණ්ඩායමට නොගැනීම ගැන මැතිවුස්ගෙන් ක්‍රීඩා ඇමතිට පැමිණිලි..

By Sithumi Dec 02, 2022 05:23 PM GMT
Report

ජාතික ක්‍රිකට් කණ්ඩායමට තමන් නම් නොකිරීම පිළිබඳව පැහැදිලි කිරීමක් තේරීම් කමිටුවෙන් ඉල්ලා සිටිය ද මෙතෙක් එම අවස්ථාව නොලැබීමත් පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් කණස්සල්ලෙන් පසුවෙයි.

තමන් කණ්ඩායමෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කර ගැනීම සඳහා අවස්ථාවක් තේරීම් කමිටුවෙන් ඉල්ලා මාස දෙකක් පමණ ගත වුවත් මේ මෙතෙක් ඔහුට එම අවස්ථාව ලැබී නැත. 

  ඒ හේතුවෙන් ක්‍රියා අමාත්‍යවරයා ඇතුළු සෙසු බලධාරීන් දැනුවත් කිරීමට ඔහු අදහස් කර ඇත. මැතිවුස්ට ඇති වූ ආබාධ තත්ත්වයක් මත කණ්ඩායමෙන් විවේක ගන්වන ලද අතර ආබාධය සුව තත්ත්වයට පත් වුවද ඔහු මෙතෙක් සංචිතයට කැඳවීමක් සිදුකර නැත.