ආසියාවේ ලොකුම ධනවතාගේ පුතු අක්ක කෙනෙක් බඳින්න යයි..වෙඩින් එකට කලින් එකදිගට දවස් 03ක් කරන්න යන දේ..අක්කගේ ලස්සන බලන්නකෝ.(PHOTOS)
ආසියාවේ ලොකුම ධනවතා ලෙස සැලකෙන ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරික මුකේෂ් අම්බානිගේ බාල පුත්‍රයාගේ විවාහ මංගල්‍යය වෙනුවෙන් චාරිත්‍රානුකූල පූර්ව මංගලෝත්සවයක් ලබන මාර්තු මස මුල් භාගයේදී දින 3ක් පුරා ගුජරාට් ප්‍රාන්තයේ පැවැත්වීමට සැලසුම් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසනවා.
මුකේෂ් අම්බානිගේ බාල පුත්‍රයා වන 28 හැවිරිදි ආනන්ද් අම්බානිගේ සහ 29 හැවිරිදි රාධිකා මර්චන්ට් යුවළ පසුගිය 2022 වසරේ දෙසැම්බරයේදී විවාහ ගිවිස ගනු ලැබීය.
මේ අනුව, ඉන්දියාවේ ප්‍රකට ඖෂධ සමාගමක හිමිකරු වන විරේන් මර්චන්ට්ගේ දියණිය රාධිකා සහ ආනන්ද්ගේ විවාහ උත්සවය නිල වශයෙන් පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන ජූලි මාසයේදී බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.
දින තුනක් පුරා පැවැත්වීමට නියමිතව ඇති දෙදෙනාගේ පූර්ව මංගලෝත්සවය සඳහා ලොව පුරා ප්‍රකෝටිපති ව්‍යාපාරිකයන් ඇතුළු අමුත්තන් 37 දෙනකුට ඇරියුම් කර ඇතැයි ද වාර්තා වනවා.
එම ලැයිස්තුව මේ වන විට ජාත්‍යන්තර වශයෙන් වැඩි අවධානයට ලක්ව තිබීමද විශේෂත්වයක්.
ඒ අතර බිල් ගේට්ස්, මාක් සකර්බර්ග් ඇතුළු ලොව නොම්මර එකේ ධනවතුන් ද සිටින බවයි වාර්තා වන්නේ.
![Gallery](https://cdn.ibcstack.com/article/eb05d1ba-af78-42af-bf16-661a2de180e2/24-65dea86c31d3a.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/f73f46ae-5282-4205-8b21-47c42bf48fc3/24-65dea86d1517f.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/e591469b-39ea-4fbb-b9f5-601d8be7f85a/24-65dea86d7a6e0.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/9eba15b3-cfe5-4451-aa5c-118f0bcb05fe/24-65dea86de42eb.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/d29e0209-ac1c-4b76-bbac-04d567199fb0/24-65dea86e6f99e.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/aca01889-b98a-44d4-ae08-aa3f5b5e8dd7/24-65dea86ee95ca.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/25384014-b66f-41f2-bb66-4bd4c77b3b07/24-65dea86f68df9.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/73e08be0-e645-4043-aa40-51d041a06086/24-65dea86fed98f.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/1ece2b70-3f33-499f-80c5-35f8467e0bd6/24-65dea8e71d833.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/b8bfa38b-0ec1-41de-96fd-23453c4dfb90/24-65dea8e8317ea.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/cad63507-3809-4f94-8955-56c0cc8b824b/24-65dea8e89eba7.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/37b219c8-86ab-42d4-a026-32882820ecb3/24-65dea8e9283d1.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/dc8045d2-1c9e-4636-9573-3944e1ed229f/24-65dea8e994b4a.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/09ed68c0-279a-4178-84c5-f212dff06ebf/24-65dea8ea1211a.webp)
![ReeCha](https://cdn.ibcstack.com/bucket/6721eaac546d5.webp)