නිවස අසල මුත්‍රා කළැයි අසල්වැසියන් කතකට දුන් ඇඟ හිරි වැටෙන අමානුෂික දඬුවම - මෙහෙම දෙයක් නම් හිතන්නවත් අමාරුයි..
By krishani
අසල්වැසියන් පිරිසක් විසින් ඔවුන්ගේ නිවස අසල මුත්‍රා කළ බව පවසමින් කාන්තාවකට අමානුෂික ලෙස පහර දී ඇති පුවතක් වාර්තා වේ.
ඒ ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ෂාජහාන්පූර් ප්‍රදේශයේ ය.
එලෙස පහරකෑමට ලක්ව ඇත්තේ 35 හැවිරිදි කාන්තාවක් වන අතර ඇයව බරපතළ තත්ත්වයෙන් පසු වීම හේතුවෙන් රෝහල්ගත කර තිබෙනවා.
ඒ බව ඉන්දීය පොලීසිය සඳහන් කළේ ය.
අසල්වාසීන් විසින් මෙම කාන්තාවගේ රහස් ප්‍රදේශයට යකඩ පොල්ලකින් පහර දී ඇති බව වාර්තා වේ.
ඒ හේතුවෙන් ඇය ක්ලාන්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ ය.
කෙසේ වෙතත්,මේ වනවිට අදාළ කාන්තාව රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
